වලව්වෙ පයට පෑගෙන
මලත් ආදරේ හෙවනට...සුලන් සුලන්
නුඹ කොතැනද
වරෙන් එදා වගේ
දුවගන උහුලන්නට බෑ දාහය
ගිනිගෙන දැවේ දැන් නම්....මන් උන්නෙ අපේ ඇද උඩ..
ඇද විට්ටමට හේත්තු වෙලා දිගෑරගන උන්න කකුල් උඩ මගෙ කොල්ලව තියාගන නිදි කරවන ගමන්....ක්රිස්තියානි පාර්ටි එකට ආව මිනිස්සු යන්න යනකොට තෑගි ගොඩක් වෙනුවට ලියුන් කවර හම්බුන එක ගැන මම සතුටු උනා....සෙල්ලම් බඩු නොතිබුනාම නෙවෙ........ඒත් ඉතින් ඔය හැටි සෙල්ලම් බඩු කන්නද.....
මං වෙලාවකට එහෙමත් හිතුවා....කොච්චර සෙල්ලම් බඩු තිබුනත් එයාට ඕනෙ වලදක කරමූඩියක් පනාවක්...ඔය වගේ සෙලන් කරන්න ගන්න හිතන්නෙවත් නැති දේවල් වෙනකොට සෙල්ලම්බඩු මොකටද හිතුනා.......
මම දොයි දොයි දොයිය බබා කියනවා වෙනුවට ලමයව කකුල් උඩ තියාගන මානික්කාවතට අඩ ගැහුවා .....
මගෙ පුතා...දන්නවද අප්පච්චි ආස උනේ ගුනාදරී කෙනෙක් වෙන්න ..... ඇයි දන්නවද.....මගෙ පුතේ....සමහර මිනිස්සු....ඇස් දෙකෙන් ලෝකෙ දැක්කට....හිත අස්සෙන් ලෝකෙ දැක්කෙ නෑ....ගුනාදරීට ඇස් නෑ...ඒත් ඒකි හිත අස්සෙන් ලෝකෙ දැක්කා.....උඹ ලොකු වෙලා කවුරු උනත් කමක් නෑ....ගුනාදරීගෙ වගේ ...කෙටි හාමිගෙ වගේ........පිච්චිගෙ වගේ හොද හදවතක් තියන කෙනෙක් වෙයන් මයෙ අම්මා....
සූප්පුවත් උරවන ගමන් නින්ද ගිහින් උන්න පොඩි එකා එක්ක මක කතා කෙරුවා .......
ගේ අස්සෙ පිගන් බඩු එහා මෙහා වෙන සද්දෙ එක්ක...පිලිගුවා දුවනකොට ලී පොලවට ඒකිගෙ නියපොතු වදින සද්දෙ ඇහුනා වගේම ගඩාපි පැටියා ඒකිට මොන මොනවදො කියනවා ඇහුනා....
අනේ දෝනියො එහෙ යන්න එපා මල්ලි බබා දොයිනෙ.......
මම කකුලෙ දාලා නලව නලව උන්න පුංචි එකාව අරන් කොට්ටෙන් තියනකොට මං අහගන බිබික්කමා කෑ ගහනවා ඒ එක්කම දොර රෙද්ද අස්සෙන් දුඹුරු පාට හොම්බක් තෙට්ග නහයක් එක්ක දිලිසන ඇස් දෙකක් මතු උනා ....
වෙන කව්ද ඉතින් පලිගුවා .........
මම ලමයව රෙද්දෙන් පොවරවලා දෙපැත්තෙන් කොට්ට දෙකක් තියලා කුක්කු පිටි බීලා පිරිච්ච බන්ඩියට හිමින් තට්ටු කරන ගමන් පලිගුවා දිහා බලලා ඇද මෙට්ටෙට තට්ටුවක් දැම්මා විතරයි අරකී දූවලා ඇවිත් ඇදට නැග්ගා...
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!