40වන කොටස...

9.6K 1.1K 216
                                    

සුදු මහත්තයා .....

ම්ම්ම්ම්ම්ම්...

මම එයාට තුරුල් වෙලා නිදා ගත්තා .....මට තේරෙන්නෙ නෑ එයා මාව සනීපෙට නිදි කරවන්නෙ කොහොමද කියලා ...මට තේරෙන්නෙ නෑ එයා මගෙ නින්ද රකින්නෙ කොහොමද කියල...මට තේරෙන්නෙ නෑ එයා මාව එලිවෙනකන් තුරුල් කරන් ඉන්නෙ කොහොමද  කියලා ....ඒ ඔක්කොමත් හරි මට තේරෙන්නෙ නෑ..මනුස්සයෙක් මේ තරම් ආදරනීය වෙන්නෙ කියලා......

මට දැනුනා....ඒ පපුවෙ රස්නෙ පවා ....ඒ ගැහෙන හඩ පවා......මං හිතන්නෙ මේලෝකෙ හැම කෙනෙක්ම ප්‍රාර්තනා කරන්නෙ....උදෙ ඇහැරෙනකොට තමුන් ආදරේ කරන කෙනාව මුලිම්ම දකින්න....ඒ කටහඩ අහන්න.....වෙනකොට මම ඇස් ඇරියෙ නැති උනත් ඇහැරුනේ එයාගෙ කටහඩ එක්ක...ඒ ආදරෙ එක්ක වෙනකොට මට ඒ උනුහුමෙන් ඈතට වෙන්න කියන්න බැරි තරම් ලෝබ කමක් දැනුනා....

මම ඇස් දෙක ඇරියා.....එයාම ඇස් වහන්....කර්ට්න් වහපු නැති ජනෙල් පලුවලින් තවමත් අන්දකාරෙ පේනකොට මම වෙලව බැලුවා.......
හතරහා මාරයි........

එයාට ආයම නින්ද ගියාද...නැතිනම්...මාව ඇහැරවන්න බැරි කමට ඇස් වහන් ඉන්නවද......

විතේන්.......පන...

මම හරි හිමින් කෙදිරුවා.....හාද්දක් තියන්න ඕනා උනත් මහපාන්දරට  අල්ලන අර සාපකාරි චූ බර මගෙ හැගීම් පාගගන නැකිටිනකොට දත් පාරක් හිටලා තිබුන ,පාරෙ තිබුන ලා කහපාට එලියටත් පාට පේන  ඒ පිරුන පපුවට මම හාදුවක් තියනකොට එය ඇස් ඇරියා වගේම මම ඇදෙන් පහලට අඩිය තිබ්බා...

කොහෙද යන්න ....තව වෙලා තියනවනෙ....

චූ බරයි බොල.....

එයා මන් දිහා බලන් කොහෙද යන්නෙ අහනකොට මම එයාට උත්තර බදින ගමන් බාතෲම් එක දිහාවට ආවා.....සෙරෙප්පු නැති නිරුවත් කකුල් වලට ටයිල් කැටවල සීතල දැනෙනකොට මගෙ ඇගම හිරි වැටිලා ගියා.....මුලු රෑම වැඩ කරන ඒසි එකේ සීතල හැම රෑකම කෙරුවෙ මාව තව තවත්  එයාට ලන් කරපු එක වෙනකොට ඇග දාඩිය නිවනවට වඩා ඒසී එක ආදරනීය මිනිස්සු වෙනුවෙන් හැගිම්   එලියට දාන එකෙක් වගේ පේනකොට මම නිදි මතේම වෙට් ටිශූ එකෙන් දෙපාරක් තුන් පාරක් පිහදගන කන්නාඩියෙන් මගෙ මූන දිහා බැලුවා..

BREATH OF LIFE (Complete)Where stories live. Discover now