සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ....
සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ...
පෙම් හිතක සුවෙ හදුනන්නෙ නෑ....
සාගරය බදු පෙම් ආදරය ලැඹුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ......මම සැළහිනියෙක්.....මෙච්චර කල්ම කූඩුවක හිර වෙලා උන්න මම සැළලිහිනියෙක් .....දෙවියන්ට පින්සිද්ද වෙන්න මං හිරවෙලා උන්න කූඩුවෙ යතුර හරිම කෙනාට හම්බෙලා තිබුනා .....
වෙලාව කීයද කියන්න දන්නෙ නෑ......තවමත් ලා අන්දකාර ගතිය තියන එක මම ජනෙල් තිර අස්සෙන් දැක්කා.....
එයා නිදි.....ස්වර්ගෙන් මහපොලවට ආව දේව දූතයා.....එයා කෙදිරිගානවා....නරක හීනයක් දකිනවද කොහෙද ඒ ඇස් බෝල හරි වේගෙන් එහා මෙහා ගියා ඇහිබැම ඇකිලුනා....පොඩ්ඩක් දැගලුවා ඇහෙන නෑහෙන ගානට ඉතිස්පිසෝව කියලා එයාගෙ ඔලුව අතගානකොට අනේ එයා ඒ චුට්ටකින් හරි සනීපෙට තවත් ගුලිඋනා...
මගෙ යක් පැටියා ...........
නිතේ.....ස්.....අයි ...යේ......හ්හ්
නිතේස් ........අයියේහ්හ්හ්......
යෝ .....හ්.....
මම උන්නෙ එයා දිහා බලාගන ...මගෙ විතේන් කියන්නෙම තනිකරම භාවනාවක් වගේ .කතාවකට කියනවා ගෑනු ලමයි හද වගෙ සෞම්‍ය වෙන්න ඕනේ කියලා ...එ උනාට මට තුරුල් වෙලා නිදාගන ඉන්න සුරදූතයගෙ මූන හදකටත් වඩා සෞම්‍ය වෙද්දි මම හරියට දැහැනට සමවැදිලා වගේ බලන් උන්නා..වෙලාවකට අහිංසක වෙන ....වෙලාවකට අප්පච්චි කෙනෙක් හා සමානව හයිය වෙන අම්මෙක් වගේ උනුහුම දෙන්න දන්න තවත් වෙලාවකට මහ දොන්ත බිබික්කමක් වෙන......තවත් වෙලාවකට නාහට නාහන මුරන්ඩු වෙක් වගේම නපුරුම නපුරෙක් වෙච්ච මගෙ විතේන් කියන්නෙම අසම සම කෙනෙක් උනා ...ඉතින් මට මේ මූන දිහා බලන්
හිතන්න නම් කොච්චර දේවල් තියනවද ද..මවන්න හීන කොච්චර නම් තියනවද අපේම පවුලක්....මම....එයා..........එතකොට චූචි දිසානායක කෙනෙක්...එකෙක්...හරි...දෙන්නෙක්...හරි........තව පලිගුව වගේ දොන්තයෙක්........ඇත්තටම ඒ හීනේ මොන තරම් ලස්සනද ..ආදරනීයද.......මං හිතන්නෙ මේලෝකෙ මිලකරන්න බැරිම දේ වෙන්න ඇති මිනිස්සුන්ගෙ හීන...අවංකවම මට නම්..මගෙ හීනවලට ලන්සු තියන්න බෑ....එයාගෙ ආදරේ පිරුන ගෙදරක් කියන්නෙ .....මට බෑ කවදාවත්ම මිලක් කියන්න........
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!