සුදු මහත්තයා .........සුදු පුතා......
මහ රෑක හිස කෙස් අස්සෙන් ඇගිලි යනකොට වගේම කන ගාවින් ඇහුන කරහඩ එක්ක මං ඇස් ඇරියා ...ඔලුවෙ කැක්කුම හොයන්නවත් බැරි වෙනකොට මං නැකිට්ටා ....කාමරේ තිබුනෙ හද එලිය විතරක් වෙදදි මං ගාව හිටන් උන්නෙ මගෙ අප්පච්චි ගෙ මූන හද එලියෙන් දැක්කා එයාගෙ අතේ කිරි වීදුරුවක් තිබුනා...
නැකිටලා මේක බීපන්...
මං නැකිට්ටා නැකිටලා ඉදන් ඇද විට්ටමට හේත්තු උනා...හේත්තු වෙලා මන් අප්පච්චි දුන්න කිරි වීදුරුව හෙමින් හෙමින් බොන්න ගත්තා ....ඔලුව කැක්කුම හොයන්න බැරි උනත් ඇගපත අමාරුව ආය අයම දැනෙනකොට මුලු ගෙදරම සද්ද බද්ද නැති වෙලා තිබුනා.....
අප්පච්චි .... මගෙ විතේන් මොනවද කිව්වෙ අප්පච්චි .....
...................
අප්පච්චි .....
අප්පච්චි නෙවෙ කතා කරන්නෙ...එයා ඔහේ බලන් ඉන්නවා ....හද එලිය දිහා බලන් ඉන්නවා මගෙ අප්පච්චිට තියෙන්නෙත් දේහ ධාරි ඇගක් වෙනකොට මම බලාගන ඒ අත් ගොබ වල....ඒ පපුවෙ මස් පිඩු හෙලවෙනව.....කම්මුවල මස් පිඩු හෙලවෙනවා.....
අප්පච්චි ........
මම අප්පච්චිව හෙලෙව්වා.........පායපු හද වලාකුලකින් වැහිලා යනකොට එක පාරම අප්පච්චි මං දිහා හැරිලා බැලුවා වගේම එයා මාව උරහිස් වලින් අල්ලන් ඇදපත්තට තද කෙරුවා ...ඇත්තටම තද කෙරුවෙ නෑ මාව ඇදපත්තට දමලා ඇන්නා වගෙ වෙනකොට මම දැගලුවා ....
අ....ප්...ප...ච්......චීහ්.......
මම අකුරු ඇහින්දා...මට කතා කරගන්න බැරි උනා.....වලාකුලෙන් වැහුන හද ආපහු මතුවෙනකොට අප්පච්චිගෙ ඇස් දෙක ගින්දර වගෙ රතු වෙලා තිබුනා.....ඒ ඇස් වලින් කදුලු පවා කඩා හැලුනා...බලන් ඉන්නකොට මාව අල්ලන් හිරකරන් උන්න අත්වල නියපොතු වැවුනා වගේම මගෙ අප්පච්චි අඩ අඩම හිනා උනා...
ස්....සු...
වලගැහෙන කම්මුල.....
දෙයි හාමුදුරුවනෙ ..මගෙ අප්පච්චිට කවදාවත් වල ගැහෙන කම්මුලක් තිබුන් නෑ....
ඒ අත් දෙක මගෙ උරහිස් තව තව තදකරන ගමන් මගෙ මූනට තවතව එබෙනකොට මට අතක් පයක් හොලව ගන්න තියා හුස්ම ඉහලට පහලට වත් ගන්න බැරි වෙද්දි මම බයටම ඇස් පොයා ගත්තා ...නෑ මගෙ ඇස් දෙක පිය උනා.....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!