"
යන්න එපා දෙවෙන්දොරා සං,යනවනං ඔයාගෙ සිරුරෙ සුවඳ ,මේ ඇදුම්වල සුවඳ තියලා යන්න..."
මම එදිරිවීරයන්ගෙ මනමෝහනීය පොත අස්සෙ හුස්ම ගන්න අකුරු එක්ක තනි උනා.....මම ඒ හුස්ම ගන්න අකුරු එක්ක තෝකියෝවට පියෑඹුවා.....ආදරේ වෙනුවෙන් අප්රමාන කැපකිරීමක් කරන මගෙ "නොරිකො සන්" මගෙ පපුවට තුරුල් වෙලා සැනසීමෙන් නිදාගන උන්නා ..මගෙ එකම අතට ඉදලා මගෙ අත හිරි වැටිලා තිබුනා....අලුගෝසුවා හින්දා රිදවපු හිත මට නොරිකෝ හින්දා හදාගන්න ඕනා උනා ...
ඒසි එකෙන් එන හුලගට වඩා එලියෙන් එන හුලග ඇගට සනීපයක් ගෙනාව උනත් මහපාරෙ එකා කාරෙට යන වාහන මගෙ " නොරිකොගෙ" නින්ද උදුර ගනී කියලා මට බය හිතිලා මම එ ජනෙල් පියන් නෑරම ඒසී එකේ සීතලට එයාව තුරුල් කරන් උන්නා.....
මම තව පිටුවක් පෙරලුවා....කියවන වචනයක් ගානෙම මට තෝකියෝවෙ රූප ඇදෙන්න ගත්තා .....සකේ සුවද.....කබුකි නාට්යක රස....සකුරා මලක සුවද.....මිදොරි අවංහලෙන් එන සුවද...... කියවන අකුරක් අකුරක් ගානෙම සරච්චන්ද්රයන් මාව ජපානෙට ඇදගන ගියා....
පොතක් ඇතුලෙ තියන ලෝකෙ....ඒ හැගීම් ....ඒ අකුරු අස්සෙ තියන පන්නරේ....මං හිතන් නෑ මනුස්සයෙක්ට අවුරුදු ගානක් ජීවත් උනත් ගන්න පුලුවන් කියලා නවකතාවක..කෙටි කතාවක....අස්සෙ හැංගුන මිනිස්සුන්ගෙ අත් දැකීම්.....හැහීම් ඒ පන්නරෙ ගැන කියන්න වචන නැති උනා ......කොග්ගල ප්රාග්ඥ්ඥයා පවා එක පාරක් ජාතක කතා පොත ගැන මෙහෙම කියලා තිබුනා... " මිනිසෙකු වසර 200ක් ජීවත් වෙලා ලබන්න බැරි අත්දැකීම් ගොඩක් ජාතක කතා පොත අස්සෙ තියනවා"
ඇත්තටම හරි .....
මම තවත් පිටුවක් පෙරලුවා...සාම්ප්රදායික නොරිකොගෙ දෙවොන්දෙරාගෙයි ආදරේ ගැන මම කියෙව්වා ....ඒත් මුලු කතාව අස්සෙ මම දැක්කෙ නෑ ඒ දෙන්නා මම ඔයාට ආදරෙයි කියලා කියන එක....වචනෙන් නොකියා ඒ දෙන්නම හිත යටින් ආදරේ දුන්නා....
ඒ උනාට.....දෙවොන්දෙරා අසාදාරනයි..මට එහෙම හිතුනා ..එහෙම හිතුනා නෙවෙ.....එහෙම තමයි.......නොරිකො කොයිතරම් ආදරේ දුන්නත් ...දෙවොන්දෙරා ඒ ආදරේ පිලිගන්න ගැහුවද මන්දා ....සාම්ප්රදායික නොරිකොගෙ ආදරේ ගැන අවතක්සේරු කෙරුවද මන්දා .....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!