14වන කොටස...

8K 1.2K 955
                                    

පේරාදෙණි ...එයා කිව්වෙ පේරාදෙණි කියලා ....මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා ගියා.. පේරාදෙණි ......මට පේරාදෙණි  කිව්වම මතක් උනේ එක දෙයයි....සෙනාරිව විතරමයි.....

මගෙ නොවුන මගෙ ආදරේ....ඒත් .......

එකම දේ ආය අය හිත හිත එකම තැනට වැටෙන්න එපා බබා...

මම මගෙ ඔලුව එහෙම්ම ශටර් එකට ගහගන්නකොට එයා මගෙ කකුලට උඩින් අත තියලා මට මොන මොනවද කිව්ව වගේම බබා කිව්වා......මට තවත් මේක කරන්න බෑ...මම කෙලින්ම විතේන් දිහා බැලුවා......

මිස්ටර් විතේන්..මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ...

කියන්න....personal  ද    professional  ද.....

Personal  දෙයක්.....

කියන්නකො අහන් ඉන්නෙ....ශීට් බෙල්ට් එක දාගන්න ඔයා ශීට් බෙල්ට් එක වත් දාගන නෑනෙ...

මේ යකා මහ බක පන්ඩිතයෙක් ...මූ මට වඩා පහක්ම බාල ඒ උනත් මට අණදෙන නිලධාරියා වගේ අරක එපා මේක එපා ගෑවා.....මොනවා උනත් මෙවෙලෙ කියල තියෙන්නෙ වැරදි දෙයක් නොවෙච්ච කොට මම ශීට් බෙල්ට් එක දාන් එයාගෙ පැත්තට හැරුනා...

මිස්ටර් විතේන් .....මෙහෙම කිව්වට සමාවෙන්න....ඔයා හිතයි මට හිතක් පපුවක් නෑ කියලා ...ඒත්...මට මේක කියන්නම ඕනේ.....

ඔයා කියන්න හදනේ මිස්ටර් විතේන් ඔයාගෙ හිතේ මං ගැන අදහසක් තියනවා නම් ඒක දැම්ම අමතක කරන්න ..මම ආවෙ ඔයාගෙ makeup artist  ට මිසක් වෙන දේකට නෙවෙ ..මං ඔයා හිතන කෙනෙක් නෙවෙ කියලා නම්...

හරි බබා...ඒත් මම හිතනවා......නිතේශ් මිනිස්සුන්ට හැගීම් දැනීම් ඇති වෙන්නෙ ඔය කියන ජෙන්ඩර් එකට නෙවෙ කියලා.....අපිට ඕනම කෙනෙක්ට ආදරේ කරන්න අයිතිය තියනවා...සහ...උත්සහ කරලා බලන්න නිදහසක් තියනවා...ඔයා ඊලගට කියන්න හදන්නෙ ඔයාගෙ ග්‍රැනීලා අරහෙමයි මෙහෙමයි කියලා නම්...මට එයාලගෙන් වැඩක් නෑ.......මට පුලුවන් ඔයාට ආදරේ කරන්න...ඒවගේම උත්සහ කරන්න....ඔයාට මාව එපාම නම්...මම උත්සහ කරන එක නතරකරලා දානවා..එච්චරයි .......

.

මම හුස්ම හිරකරන් මේ කුපාඩි කොල්ලා දිහා බලන් උන්නා...අර යක්ස පැටියා විසිහතර පැයේම විතේන් අයියෙ විතේන් අයියේ ගගා ඉදලා මූට ඔක්කොම කියලා ...කියන්න ඕන දේ කිසිම තැටමිල්ලක් නැතුව කියවලා දාපු එයා ඊලග පාර මා දිහා නොබලාම කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා .....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now