වෙව්ලන ඇගිලි වලට ස්ටියරින් වීල් එක අහු නොවෙනකොට වෙව්ලන කකුල් වලට බ්රේක් එක පෑගුන් නැතිව ගියා ලයිට් කනුවෙ වැදුන පාරට ඉස්සරහට විසික් වෙලා ගියපු මගෙ පුපුරපු නලල ආයම ඇනෙනකොට මං එහෙම්ම ටික වෙලාවක් උන්නා...මට දැනුනා ඊයෙ රෑ ඇද පත්තෙ වද්දන් තුවාල උන තුවාලෙ ආය ආයම පෑරුනා කියලා.....
වේදනයි.....මේ හිත උහුලන්න අමාරු වේදනා හුගක් ඉහිලුවා ....
සුදු අක්කෙ උඹත් ගියෙ උඹට දරන්නම බැරි තැන නම්...මාත් ඉන්නෙ මට දරන්නම බැරි තැන .....උඹ මට කලින් ඉස්සර උනා....මට කියපන්....මාත් උඹ පස්සෙන් එන්නද.....
සිග්නල් ලයිට් පවා වැටුන කාර් එක ඔහේ තියනකොට දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිත් කාර් එකට තට්ටු කරා....එයාලා හිතුවා මං මැරිලා කියලා .....එතනට දුවන් අව මිනිස්සු කිව්වෙ කරදරයක් නෑ කියන එක උනත් මං ප්රාර්තනා කෙරුවෙ මට යන්න තිබුනා නම් කියලා ....
ජීවත් වෙන්න එක හේතුවක් ඇතිලු....ඒ උනත් ජීවත් වෙන්න එකම හේතුවක් නැති මං කොහොම උහුලන්නද.......මට මැරෙන්න හිතෙන්න නැතිද........මාස ගානකටදි උඩ දි ඇවිලුන ඇවිලිල්ලතවමත් ලැව් ගින්නක් වගේ ඇවිලෙනකොට මම ඒකිව මගෙ කරගන්න දහ අට සන්නියම නැටුවා උනත් උන් කෙරුවෙ වලව්වෙ සුදු හුනු ගාගන්න මගෙ අසරනීව පාගපු එක දෙනෝ දහක් මැද ලැජ්ජා කරපු එක....ඔක්කොම කර බාගන අහන් ඉදලා අවසානෙදි හැම රෑකම කොට්ටෙ පෙගෙනකම්ම අඩපු එක......මං සෙනාරිට පින් දෙනවා මගෙ සුදු අක්කා වගේ ඒකිත් ඒකිගෙ ඇගෙ බර බල්කෙට දැනෙන්න නොදුන්න එකට....එහෙම උනා නම් මට වෙන්නෙ කනේරු ඇට කන්න........
අවසානෙදි උන් හැමෝම එකතුවෙලා මටයි සුදූටයි දුන්නෙ උපන් මනුස්සයෙක්ට උහුලන්න පුලුවන් වද වේදනා නෙවෙ ......
මට උඹව බේරගන්න බැරි උනා මගෙ සුදු........
ආව මිනිස්සු මම හුස්ම අල්ලනව දැකලා යන්න යන කොට හුස්ම ඇල්ලුවත් මැරිලා ගියපු මම ස්ටියරින් වීල් එකට ඔලුව ගහන් ඇඩුවා මට ඕනේ අඩන්න...අඩලා අඩල...ඇස් ගැලවෙනකන් හරි අඩලා හිතේ තියන විරහවයි.....සුදූගෙ මලගමේ වේදනාවයි තුනි කරන්න.......
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!