හරි...හරි ඉතින්...මේ අහන්නකො තේශි....අනේ සුදු අප්පො....මේ අහපන්කො....උඹවත් මමවත් අහසෙ ඉන්න දෙවිවරු නෙවෙනෙ නිතේශ් ...ප්‍රශ්නයක් ආව ගමන් "අනේ පන ඔයා වැරදි නෑ මම වැරදිත් නෑ එන්න අපි දෙන්නා මේක ගැන එක කෝනෙකින් බලමු" ගගා සුන්දර බොලද වදන් කියවන්න.....
එකම ප්‍රශ්නෙ උඹට බලපාන විදිහයි මට බලපාන විදිහයි වෙනස් නිතේශ් උඹ එක දේකට බය උනා ....මං තව දේකට බය උනා ..ඕනම දෙයක් විසද ගන්න කලින් හැල හැප්පීම් රන්ඩු සරුවල් එනවා...ඒකනෙ සුදු අප්පො ජීවත් වෙනවා කියන්නෙ.....අනික උඹ ඇහිපිල්ලමක් ගැහුවත් මට දැනෙනවා...මම ඇහිපිල්ලමක් ගැහුවත් උඹට දැනෙනවා කියන්න අපි රාමා සීතා නෙවෙනෙ මගෙ නිතේශ් ..........
මම අහක බලන් උන්නා....එකම එක වචනයක් වත් කතා නොකරම...එයා කියනවා අපි රාමා සීතා නෙවෙලූ...ඒක ඇත්ත.....රාමා පවා සීතව සැකකෙරුවා.....රාවණා අතින්මොකක් හරි උනාය කියලා රාමා පවා සීතව සැකකෙරුවා.....එහෙම බැලුවම....අපි කව්ද.......ඒ උනත් .......නෑ කමක් නෑ.....ඔය චුට්ටක් නහයෙන් අඩ අඩ කියවපු දෙන්......මගෙ පිස්සු පකයා....
සුදු අප්පෝ........ අනේ ඉතින් බලපන්කො.......
මම එයාගෙ අත ගසලා දාලා අහක බලාගත්තා ...ඒ උනාට මට කට කොනකින් හිනා ගියා ...හැබැයි මම ඒ හිනාව හැන්ගුවා..........රන්ඩු කරලා...කරලා ..අවසානෙදි ආදරෙන් බැදෙන තැනදි පුදුමාකාර ආදරයක් තිබුනා..සමහර විටදි රන්ඩු කරන්න කලින් අපි ගාව තිබුනට වඩා ආදරයක් රන්ඩුවෙන් පස්සෙදි ආයම ඇති උනා...ඇත්තටම මං ආසයි....රන්ඩුවකින් පස්සෙ "මට සමාවෙයන් මම උඹට ආදරෙයි" ඔන්න ඔය වචන අස්සෙ අනේ දෙයියනෙ තිබුනෙම අසීමාන්තික ආදරයක්.........
ඒ උනාටමන් හිතන්නෙ සීතව හම්බෙන්න තිබුනෙ රාවනාට....
මම සෑහෙන්න වෙලා ඉදලා එයාගෙ දිහාවට හැරුනා....හැරිලා රාවනාගෙ පැත්තට කතා කරන්න ගත්තා .......
ඇයි ඒ....
නෑ ඉතින්....රාවන කියන්නෙත් පිරිමියෙක්....තිබුන් නැද්ද සීතව පැයකට හරි අඹුව කරගන්න.......රැක ගන්න එකයි....ගරු කරන එකයි.....වටිනවා විතේන් .....අනික...මට හිතෙනවා.....සීතා උනත්..පතිවෘතාව පෙන්නුවට හිතේ වේදනාවක් තියාගන්න ඇති කියලා....මොකද ....අච්චර ආදර්‍රෙ දීලා එයාට සිද්ද උනා රාමා ඉස්සරා එයා නිර්දෝශි කියලා ඔප්පු කරන්න......
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!