44වන කොටස...

7.4K 1.1K 554
                                    

නිතේශ් ....

එයා දුවගන ඇවිත් මගෙ අතේ එල්ලුනා...එයා බයවෙලා...එයා විතරක් නෙවෙ අනිත් උන් දෙන්නත් බයවෙලා....

සුදු මහත්තයා ගෙට ආවා නම්...

මං අත්තම්මා දිහා බැලුවා .....

ඇයි අත්තම්මා මේ...මොකටද මේ??

මං අත්තම්මා දිහා බලන් මොකටද මේ අහනකොටම අත්තම්මගෙ ඔසරි පොට කරේ ගගන් ඇවිත් වැරන්දාවෙ හිටගත්තා

උඹට අපි නරකක් නපුරෙක් කරන්න යනවා නෙවෙනෙ සුදු මහත්තයා ...උඹගෙ කලදසාව ඒ තරම් හොද නෑ...අපලයිලු..මේ ගුරුන්නාසෙ ලව්වා තෙල් ටිකක් මතුරවලා නූලක් දම්මන්න කියලා...

ඌට ඇති අපල මගුලක් නෑ...කාගෙන් අහලද අම්මා මේ ගුරුන්වහන්සෙ මාමව ගෙන්නුවෙ??

මම තවමත් උන්නෙ ගෙයි දොරකොඩ වෙනකොට නාගන ආව අප්පච්චි තුවාය එක උරහිසක දාන් ඇවිත් කෙලිම්ම අත්තම්මගෙ ඉස්සරහින් අත් දෙක පිටිපස්සට බැදන් හිටගත්තා වගේම අත්තම්මා අම්මා දිහා බැලුවා ..

අනීතා....

දහම්..

මෙහාට ආවා නම්...

දහම්...සුදුමහත්තයගෙ වෙලාව බැලෙව්වා .

අනීතා මං හැමදාම කියනවා ...ඔය කේන්දර අස්සෙ පන්නලා මොනවා හරි කරන්න කලින් මගෙන් අහන්ඩ කියල....තමුන් ඒ එකක්වත් අහන් නෑනෙ .....ඔක්කොම අම්මන්ඩිලා අක්කන්ඩිලා ටික එක්ක  එකතුවෙලා මුලු මුලු ගානෙ කියවලා කරවනවා නේ...ආ අනීතා

දහම් අහන්න දහම් කේන්ති ගන්නෙ ඇයි ඔහොම මං සුදු පුතාගෙ අම්මා..මං කවදද  මගෙ කොල්ලට වරදක් කෙරුවෙ දහම්...ඔයත් කොයි වෙලෙත් ඇගට ගොඩවෙනවා..දෙයක් කියන්නම බෑ...

ඔව් ඔව්...තමුන් කරපු හරිය මාත් හොදට බලන් උන්නෙ....අනික නිකන් උන්නානම් මම ඇගට ගොඩවෙන්නෙ නෑනෙ...ගුරුන්වහන්සෙ මාමෙ..

දිසානායක හාමු මහත්තයා ..

කොල්ලට සෙත් පිරිත් ටිකක් කිව්වට කාරි නෑ...ඔය නූල් එහෙම මතුරන්ඩ තියා ගන්නෙහෙම නෑ...තේරුනානෙ....මේකෙ ඉන්න අම්මන්ඩිලාට තමා මතුරන්ඩ ඕනේ....

මං බලන් උන්නා....ආව ගුරාට කරගන්න දෙයක් නැතිවෙනකොට අත්තම්මලා එකක් කිව්වා අප්පච්චි තව එකක් කියවනවා.....අත්තම්මලා බලන්නෙම නූලක් දම්මන්න වෙනකොට මගෙ ගාව උන්න විතේන් වගේම ගඩාපි පැටියා ඔක්කොටම වඩා බය වෙලා උන්නා..

BREATH OF LIFE (Complete)Where stories live. Discover now