89වන කොටස...

4.9K 988 251
                                    

මං වගේම එයා තාත්තා දිහා කට ඇරන් බලන් උන්නා   ...අතේ තිබුන සමපෝශ ගුලිය මගෙ හිස් පිගානෙ පැත්තකින් තිබ්බ එයා තවත් හරි බරි ගැහිලා ඉදගත්තා...හරියටම  තව මොනවා හරි කියනවා නම් අහන් ඉන්න වගේ....

නිතේශ් .  .තමුන් මේ හැම දේම අතෑරලා  ෆ්‍රාන්ස් යන්න ලෑස්ති වෙන්න ඕනා...බැන්දුවා කියලා කට වචනෙට මගුල් කරන්ඩ බෑනෙ...අනික ස්වර්ගෙට ගිහින් කසාද සහතිකෙ අස්සන් කරන් ආවත් අර තුප්පහි හැත්ත  කියයි වේස කොල්ලා අපේ එකාව කාලා..මට ඔය ගුබ්බෑයම් වල ඉන්න මාන්න කාරයන්ගෙන් මගෙ එකා ලැජ්ජා වෙනවා බලන්ඩ බෑ....

හ්..හරි...තාත්තා ...

අනිකා විතේන් උඹ...උඹට යනු විතරයි ආය මේ තුන් හතර මායමක පස් පෑගිලි නෑ.....දහම් ...තමුන් අනිකා...තමුන්ට පුලුවන් නම්...ඔය අපායෙන් ගැලවිලා එන්න ලැහැස්ති වෙනවා....නමට ගෑනියෙක් තියන් දුක් විද විද ඒකිට හොරෙන් ආදරේ කරන්න අරගත්තම වෙන්නෙ තවත් වේස පද අහන්ඩ වෙන එක...

රටේ මිනිස්සුන්ට තමුන් වලව්වෙ පැටිකිරිය කොහොම ගැහුවා උනත්...ඒකි තවම කසාද ගෑනිනෙ ...බදින වයසෙ ළමයි ඉන්න එකෙක් මගුල් නැටුවා කියන පඩත්තර කතා අහන්න ලෑස්තිනොවි ඔය මගුලට‍ත් මොකක් හරි කරනවා ...

මං අහන් උන්නා....එයාගෙ තාත්තා අපි හැමෝටම අන දුන්නා...."කරන්න පුලුවන්ද " ගගා ඥන් පඥන් ගැහුවෙ නෑ....එක වචනයයි කිව්වෙ....එක්කො කරපන් නැත්තන් ඒත් කරපන් වගේ කතා ගොඩක් එලියට පනිනකොට  අප්පච්චි වගේම මං අහන් උන්නා......

නිතේශ් ....විතේන්  ....

...................

දැන් තමුන්ලා බැන්දට පස්සෙ මොකක්ද කරන්නෙ ...නිතේශ්ට නම් සැලෝන් එකක් කර ගන්න බැරි කමක් නෑ...හරි...ඒ මගුල් වැඩක් නෑ...මං අහන්නෙ...බැන්දට පස්සෙ මොකක්ද කරන්නෙ....

තේශී.....

ම්ම්ම්..

තාත්ති අහනවනෙ  බැන්දට පස්සෙ මොකද කරන්නෙ කියලා  ...

ඇත්ත ...එයාගෙ තාත්තා අහනවා බැන්දට පස්සෙ මොකද කරන්නෙ කියලා ....අවංකවම මට තිබුන ලොකුම හීනේ ආදරනීය පවුලක්....ගෙයක් තිබ්බට වැඩක් නෑ පවුලක් නැත්තන්.....මට ඕනා ලුනු ටිකක් ඉහන් බත් කමු ගාලා ලද බොලද  කියලා පහුවදාට කොත්තු ර්ස්‍යිස් ඉල්ලලා නහින්ඩ හදන එකෙක්ට වඩා මට හයියක් වෙන කෙනෙක්...මොකද ඔය කියන තරම්  ලුනුයි බතුයි කාල ඉමු කියන දේ සුන්දර නෑ.....පහු පහු වෙනකොට හැම දේම කොහු කොහු වෙන්න ගන්නකොට ලුනුයි බතුයි නෙවෙ බත් උයන්න මුට්ටි පවා නැති වෙනවා..... මට ඕනේ මරා ගත්තා  උනත්..මාව හීනෙකින් වත් දාලා යන්නෙ නැති කෙනෙක් වෙනකොට මට එ දේ අද ලැබිලා තියනවා....මට ඕන ගහ මරන් හරි....ඒ තත්පර ගානකින් ආයම තිබුනටත් වඩා ආදරේ වැඩියෙන් දැනෙන කෙනෙක් ගාව නවතින්න වෙනකොට දෛව කොයිතරම් අසාදාරන කම් කෙරුවා උනත්....ඒ පැත්තෙන් මට සහනයක් දීලා තිබුනා....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now