තේශි......
සෙනාරිට ගාපු ලිප්ස්ටික් එක මේසේ උඩට විසික් කරපු මම එලියට එනකොට එයාගෙ කට හඩ ඇහුනා...ඒ උනත් මම නෙවෙ නැවතුනෙ....මෙවෙලෙ මගෙ හිතේ තිබුනෙ මහ අමුතු හැගීමක් වේදනාවක් නොවුන වේදනාවක්....එයාගෙ වචන මගෙ හිත පෑරුවා......
තේශි.....
එයා දුවගන ඇවිත් මගෙ අතේ එල්ලුනා වගේම මම අනිත් පැත්තට හැරුනා....හැරිලා එයාගෙ උරහිස්වලින් තදින් ඇලුවා....
විතේන් ....කනාමැදිරියෙක් වගේ ලාම්පුව වටේ කැරකිලා නිරපරාදෙ මැරිලා යන්න එපා විතේන් ....
මගෙ වචන සැර උනා....මගෙ සැර වචන ඉස්සරහා ඒ ඇස් ගැස්සෙනවා මම දැක්කා......හිත රිදුනා නොසෑහෙන්න.....නොසෑහෙන්න......මම ඒ ඇස්වල වේදනාව දැක්කා...මොන දේ උනත්...ගියපු කෙනෙක් ආයම ලන් වෙනවා දකින්න...ඒ වේදනාව උහුලන්න සක්කරයටත් බැරි වේවි........
තේශී...ඔයාට...මාව...වදයක්ද....
මට ඔයාව වත්...කාවවත් වදයක් නෙවෙ විතේන් ...මට වදේ මාවමයි...මාවමයි මට වදේ....කොන්දක් නැති කම මට තියන එකම වදේ.....මම ඔයා වගේ නෙවෙ විතේ....මෙන්නෙ මේ ඵෝන් එක එකම එක පැයකට තියාගන බලන්න....මම විදින වේදනාව......
විතේන් ....සැරින් සැරේ එන කෝල් වලින් විදවන තරම දන්නෙ මම......සැරින් සැරෙ ඔලුවට දෙන ප්රෙශර් එකේ තරම දන්නෙ මම....එක විනාඩි පහකට මගෙ ඵෝන් එකෙන් මගෙ ගෙදර මිනිස්සු මගෙ ඔලුවට දෙන වද හිංසන ගැන පොඩ්ඩක් අහලා බලපන් විතේන් ......
මම කෑ ගැහුවා.....එයා ඉස්සරහා කෑ ගැහුවා..මොකද.....කාත් කවුරුත් නොදන්නවා උනාට...පොඩී බදින්න ඉන්න හාමු මහත්තයගෙ නංගිව මට තීන්දු කරලා කියන පනිවිඩේ ආවෙ මහ රෑක වෙනකොට මම මගෙ හැගිම් හංගන් උන්නා.....
වලව්වකින් නෙවෙ....කොහෙන් වත් ගෑනියෙක් එපා කිය කිය කට කැඩෙනකන් අම්මට ගතු කිව්වත්....වලව් නීතිය ඉස්සරහා රටේ ඉන්න මහ නඩු කාර හාමුදුරුවො පවා පරදින කොට ඊයේ රෑ මග ඇරපු පිටුවක දුක වේදනාව මම එයාගෙන් පිට කෙරුවා......අවංකවම මට ඒ පපුව උඩ තිබුන නිදහස මහ රෑ ආව අම්මගෙ කටහඩත් එක්ක දිය උනත්...ජීවිතේ පලවෙනි පාරට වගේම අවසානම පාරට මට විතේන් කියන ආදරනීයම මනුස්සයගෙ පිරිමි පපුව උඩ නිදහසෙ ඇස් පියා ගන්න ඕනා උනා.....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!