මගෙ අප්පච්චි .....නෑ ඒක වෙන්න බෑ ....ඒක නන් කොහොමත් වෙන්න බෑ....මගෙ අම්මද???නෑ අම්ම ගාවට අප්පච්චි යන්නෙවත් නැ.....ඒත් මේක අලුත් නියපොතු පාරක්නෙ...අප්පච්චිගෙ සුදු පිට රතු වෙලා තිබ්බනෙ.....
මං පපුවට අතකුත් තියාගන දොරට පිටදීලා හේත්තු වෙලා කල්පනා කර කර ඉන්නකොට එහා කාමරේ දොර ඇරෙන සද්දෙ අඩවන් කරලා තිබුන දොර හිඩැසෙන් ඇතුලට මං ආයම බෙල්ල එලියට දානකොට මාව රත් වෙලා ගියා...
අම්මා....
ඔව් මයි.....නයිට්ඩ්රෙස් එකේ බද පටිය ගැටගගහා ගියෙ එයාගෙ අම්මා වෙනකොට මෙච්චර වෙලාම කුසියෙ උන්න අප්පච්චි එයාගෙ අතට කිරි වීදුරුවක් දෙන හැටි මං බලන් උන්නා වගේම ඒ මූනවල් වල තිබුන හැගීම....අප්පච්චිගෙ ගිනි රතු උන කන මාව කරකවලා අතෑරියා...
ලැජ්ජා හිතෙන වෙලේට මගෙ කන් රතු වෙන්නෙ කොයි වගේද මගෙ අප්පච්චිගෙත් කන් දෙක රතු වෙනවා ..විතේන් පග මගෙ කන් හැමදාම රතු උනත් අම්මා ඉස්සරහා රතු නොවෙන කන් රසානි අම්මා ඉස්සරහ රතු වෙනකොට මට මහ මොකක්ද වගෙ දැනුනා ......
කොච්චර කොහොම අප්පච්චිට අවසතාවක් දෙන්න කිව්වත් ජීවිතේ පලවෙනි පාරට මට අප්පච්චි එක්ක තරහවක් ආවා...වෙන මොනාටවත් නෙවෙ .....අප්පච්චි සීමාවක් පන්නවලා හින්දා ..මට සතුටු වෙන්න එක හේතුවක් වත් පෙනුන් නෑ....අම්මට කරන්නෙ අසාදාරනයක් නෙවෙ කියන්න මගෙ හිත කිව්වා උනත්.....යටි හිත කිව්වෙම අප්පච්චි තාම කසාදෙට යට උන මිනිහෙක් එයාගෙ අම්මා තරුනයි කියන දේ වෙනකොට මට අප්පච්චි එක්ක තරහවක් ආවා අසම්මතයක් පස්සෙ දුවනවා කියලා හිතට දැනුන හින්දා ....
මං වැරදිඇති....එක මොහොතකට මං සාම්ප්රදායික වෙන්න ඇති....ඒත් මගෙ හිත කිව්වෙම අප්පච්චි ඉක්මන් උනා වැඩීමයි කියලා .....අනික එයාගෙ තාත්තා ඉන්නවා ....ඒ මනුස්සයා ඩිවෝර්ස් උනත්.....
අනේ දෙයියනේ මට තේරෙන්නෙ නෑ...
මං අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා ...සැරින් සැරේම මගෙ ඇස් දෙක ගියේම කුසියෙ ඉදන් රහස් කොදුරන අම්මා අප්පච්චි ගාවට වෙනකොට මං ගුලිවෙලා ඉන්න විතේන් දිහා බැලුවා ..
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!