55වන කොටස...

5.6K 1K 411
                                    

සිහිනයකි නුඹ
නිහඩ මැදියම් රෑ.....
නිදන නෙත් යුග සනසනා.....

මම රේඩියෝ එකේ සද්දෙ පුලුවාන් තරම් අඩු කරලා සිංදුව ඇහුවා...මන් ආසම හිත නිවන සිංදුවලට.. චක බක හුචු හුචු ගාන සිංදු වලට වඩා මම හරි හිමින් යන සිංදුවලට....පරන සිංදු වලට පුදුමාකාර තරම් ආස උනා......

වට රවුම හරවනවා එක්කම තිබුන අලුතිම්ම දාපු ඇදුම් කඩේ ඇතුලෙ උතුරන්න සෙනග ඉන්නකොට ලීෆ්ලට් බෙදන ෆැන්සි ඇදුම් ඇදපු කොල්ලොදෙන්නෙක් හරි කෙල්ලොදෙන්නෙක් හරි මුලු ලෝකෙම්ම මූන හංගන් මේ කට්ට අව්වෙ නටන ගමන් උන්නා...

අපි ආසාවට ලගට ගිහින් ඵොටෝ එකක් ගන්නවා...ඒ දිහා බලන් හිනා වෙනවා...ඒත් ඔය ඔලුබක්කො වගෙ දාන් ඉන්න ඇදුම කොයි තරම් නම් රස්නෙ ඇතිද    .....ජීවත් වෙන එක අමාරුයි මැරෙනවට වැඩිය...

ඩ්‍රයිව්න් ශීට් එකට එහායින් තිබුන ශීට් එක උඩ තිබුන බත් වල සුවද නහයට දැනෙන කොට අනේ මට ඒකිව මතක් උනා......

දවසකට දෙකකට බඩ පිරෙව්වට ඒකි අපිට බුදුබව ඉල්ලුවා.......අත්තම්මා සුදු පිටි හැන්දක් බිව්වා කියනකොට ඒ ඇස් වලින් කදුලු ආවා.....

අනේ දෙයියනේ පිටි හැන්දකට ඔහොම නම්.....

මගෙ පපුව පිපිරෙන්න ආවා....

අනේ මැනිකෙ...උඹට අවජාතක නම නැතුව මොල්ලිගොඩ කියලා වැටුනා නම්....උඹට හැමදාම පෙති පාන් කන්න තිබ්බා.....

අහේතුවකට ...නොවෙන අහේතුවකට මගෙ පපුව හිරවෙලා යනකොට මං බත් සුවද කාර් එකේ ඉතිරි කරලා අර අලුතෙන් දාපු ඇදුම් කඩේ ගාවින් බැහැගත්තා ...

සුදු මහත්තයා ...ඔයා කොහෙද ...

දොර වහනවත් එක්කම ආව කෝල් එකෙ හෙලෝ කියන්නවත් ඉඩක් නොතියම එයා මං කොගෙද ඉන්නෙ ඇහුවා ....

මං මේ එනගමන් මැනිකෙ ..ගෙදර යන්න අර දරුවා මගෙ බඩදරු මැනිකෙට බත් මුලක් එව්වා...

අනේහ් තේශී.....හ්හ්

ඇත්තනෙ...දොලදුක් කෑම ඉල්ලන්නෙ....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now