20වන කොටස.....

8.5K 1.2K 501
                                    

හැලුනනෙ නිතේස්      ....කමක් නැද්ද ඒයි ....

කමක් නෑ...

කුඩුවෙලා ගියපු කිරි වීදුරුව දිහා බලාගන අත් දෙකෙම්ම ඔලුව කසපු ඩියෝන් මගෙ දිහාවට හෙන දුක හිතෙන මූනක් දාලා හැලුනනෙ කිව්වා...එයාගෙ මූන කොහොම උනත් මට එහා පැත්තෙ උන්න විතේන්ගෙ මූන අත්තම්මගෙ වගේ වෙලා තිබුනා......මට දැන් අරූට මොකුත් කියන්නත් බෑ......විතේන්ට මොකුත් කියන්නත් බෑ.....කැඩුන බිදුන වීදුරු කටු දිහා බලන් උන්න ඩියෝන් ඊලග පාර ආයම මගෙ කකුල් දෙක උඩට ඇවිත් ඉදගන ඒකගෙ කකුල් දෙක මෑ කරල් දෙකක් වගේ අඹරන් මගෙ මූන දිහා බැලුවා වගේම ඌට ඈනුමක් ගිහින් තලු මැරුවා 

 

සෙනෝන්......

කියන්න බබා....

ම්ම්ම්ම්ම්....දොයිය මතක් හැදිලනෙ ඩියෝන් බබාට

තත්පරයක් දෙන්න බබා....මං ඔයාව ගන්නම්...

අරූ මගෙ කකුල් දෙක උඩ ඉදන් නිදි කිරා වැටුනා වගේම එහෙම්ම මගෙ උරහිසට ඔලුව ගහගත්තා ...පාන්දර ජාමෙ මායන් වෙලා ඒකට කරමත ගහලා තියනකොට මෙතන කාටත් නොපෙනෙන්න ඇවිලෙන ගින්න නොදැකපු ශෙනෝන් ඵෝන් එක කකා උන්න වගේම මං බලාගන විතේන් මං දිහා ඇහි බැම රැලි කරන් බලන් උන්නා....

ශෙනෝන්.....මූව ගනින් නින්ද යන්න යන්නෙ......

රැලි වැටුන ඇහිබැම දෙක වගේම දැනටමත් රතු උන ඇස් කොන් දැකපු මම මොන හේතුවටද කියන්න දන්නෙ නැ මගෙ ගාව නිදාගන්න එක කවදාවත් ප්‍රශ්නයක් නොවුන ඩියෝන්ව ඉක්මනට ශෙනෝන්ගෙ ඇගට ගහන්න හැදුවා ........

ඩියෝන්.......හුරතල් කියන වචනෙට සමාන පදයක් තිබුන නම්...ඒ ඩියෝන්ම උනා.......නිදි මත උනාම නින්ද යනකන් මං  ලව්වා ඔලුව අත ගාව ගන්න....වෙලාවකට ඒකගෙ මිනිහගෙන් හොයන දේවල් මගෙන් හොයලා ගුටි කාගන අඩාගන යන ඩියොන් හුරතල් උනා.....

ඒ උනත් ...ඩියෝන්ට වගේම මෙතන තව කෙනෙක්ට හුරතල් වෙන්න ඕනා වෙලා තිබුනා....එයාගෙ මුනෙ තිබුනෙම එයාට අයිති දෙයක් වෙනකෙනෙක් අයිති කරගත්තම දැනෙන තරහව වෙනකොට මම දැක්කත් නොදැක්කා වගෙ උන්නට කාටත් හොරෙන් මම මගෙ හිතෙන් ඒ හැගීම් වින්දා....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now