88 වන කොටස..

4.5K 954 392
                                    

තේශී....

ඕ බබෝ....

මට වොශ් රූම් යන්න ඕනානෙ...

ඉතින් යමු...ඊට කලින් බලන්න මේ මේල් ටිකද යවන්න ඕනෙ කියලා ...

කාට නැතත් ..නලින්ට දාන්ඩ....මං ඕකව මරයි නැත්තන් ....

ඔච්චර තරහා අරන් ලේ පුච්චගන්න එපා විතේන් ...ඔයා මෙතන නහිනවා...තාත්තා එහෙන් අප්පච්චිව දකින දකින පාර බනිනවා....අම්මා උදේ නැගිට්ට වෙලේ ඉදන් උන් දෙන්නට කෑ ගහනවා ...ගෙදර බඩුත් අඩු හින්දා දෝන්කාර දීලා දීලා මගෙ කන්දෙක පුපුරන්න වගේ. ....ඊටත් ඉයා මගෙ කන ඇදලා ඇදලා...එක කනක් නෑ නෑවගෙ....

මං එයාගෙ ගාව ඉදන් ඔෆිස් එකේ හදිසි මේල් වගයක් යැව්වා...ඒ මගුල් කරන්න ගත්තු වෙලේ ඉදන් එයාගෙන් මම අහපු තරමක් ආහුවෙ බැනුම් වෙනකොට මට අර නලින් කියන මනුස්සයා මොන දුකක් විදිනවා ඇතිද හිතුනා ....කාමරේ ඇතුලෙම වමනේ නාපු එයාව නාවලා කරලා කාමරේම අස් කරලා ආයමත් තද උනට දෙන පෙති දෙකක් දුන්න මම එයාගෙ උන යන්තම් බස්සව ගත්තා ...ඇගට පන නැති ගතිය හින්දම එයාව වැනෙනකොට මම එයාවත් උස්සන් බාතෲම් එකට ඇවිත් කොමඩ් එක උඩ වාඩි කෙරෙව්වා .....

මගෙ ඇගට අමාරුයි තේශී.........ඔලුව කැක්කුමයි.........ම්හ්හ්හූක්....

ඉතින් ඔයාට බෙහෙත් ටිකක් ගන්න යමු කිව්වට අහන් නෑනෙ දරුවො......කොච්චර කියනවද....අර අම්මා කැද වගයක් හැදුවා...ඒක බිව්වෙත් නෑ......කට තිත්තයි...අප්පිරියයි ගගා ඉන්නෙ නැතුව බොන්න ඕනා......

අනෙ .බොන්න බැරි හින්දනෙ මිනිහො මම කියන්නෙ...උන මාව කෑ ගස්සවලා පව් පුරවගන්න එපා අප්පා.....අර හැත්ත ආව දා ඉදන් සැනසීමක් නෑ...අනේ ..අර නාකියව මැරිලා වත් යන්නෙ නෑනෙ......

එයා බනිනවා...කොමඩ් එක උඩ ඉදගන තටම තටම එයා බනිනවා...ඇගට උන කෙසේවෙතත් කටට නම් උන ගැනිලා නැති මගෙ බොටමා මුලු වලව් සන්හතියටම තිබ්බ සාප වල හැටියට මේ වෙනකොට වලව්වෙ මුදුන් ලීය ගැලවිලා සීයා තාත්තගෙ ඔලුවට කඩා වැටෙන්න ඕනා...ඒ තරන් සාප ගොඩක් එයා කෙරුවෙ...එක අතකට එයා වැරදි නෑ....මගෙ විතේන් වැරදි නෑ.......එයාගෙ හැම බැනුමක් අස්සෙම තිබුනෙ වේදනාව බය තරහව දුක විතරක්ම වෙනකොට මට එයාට වැරදී කියලා එක පැත්තකින් වත් කියන්න හිතුන් නෑ....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now