71වන කොටස....

5.7K 1K 424
                                    

විනීතම්මගෙ අතට බෙහෙත් උරේ දුන්න මං ආය එක මොහොතක් වත් ඉන් නැතිව ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර ආවා...

ඒමොන මගුලක්ද වෙලා තියෙන්නෙ රවීන්ගෙ නම් වරද තියෙන්නෙ ඒකි ඔච්චර නහින්නෙ මොකටද ....??

මන් කල්පනා කෙරුවා එක වෙලේකට හිත ඒකි ගැන අනුකම්පා කරනකොට  ඊලග තත්පරේදි මට මගෙ විතේන්ව මතක් උනා....අනීත වගේ මහන්තත්ත ගෑනු මොල්ලිගොඩ විතරක් නෙවෙ රට පුරාම බෝ වෙලාද කොහෙද .....නැත්තන් ඉතින් වැරද්ද තියෙන්නෙ තමන්ගෙ එකාගෙ බව දැන දැන වැරද්දක් නොකරපු ගෑනිට ගහන්නෙ බනින්නෙ මොකටද ...ඇරත් ඒකිට දමලා ගහලා ගෙදර යන්න පුලුවන් නෙ....

ඒත් ඉතින් කව්ද දන්නෙ මං මේ කජු ඇට කොස් ඇට කිරනවා වගේ කිව්වට උන්ගෙ පවුල් අස්සෙ මොන තරම් ප්‍රශ්න තියනවද කියලා ....අනේ මන්ද ඉතින්...

හොදම දේ අනුන්ගෙ ප්‍රශ්න තමන්ගෙ කරගන් නැතිව ඉන්න එක....

මං මගෙ අතේ තිබුන මුදුව දිහා බැලුවා .....මට පපුවටත් වඩා බර හුස්මක් පිට උනා.......

කොලේට අත්සන් නොතිබ්බා උනත්......මමත් පවුල් කාරයෙක්.....

නිදියපු පලවෙනිදාම ලේ පැල්ලම නොදැක්කා උනත්.....හම්බුනේම පිරිසිදු ආදරයක්.....

දවස ගනෙම ඇද රෙදි ඉරුවත් දරුවෙක් ගැන හීන දැක්කත්....දරුවෙක් නොහිටින බව දැන දැන උනත් කවදම හරි දවසක අප්පච්චි කෙනෙක් වෙන්න හීන දකින ජීවිතයක් .....ඉතින් එහෙම බැලුවම මමත් පවුල් කාරයෙක් මං වෙනුවෙන් බලන් ඉන්න එකෙක් මං වෙනුවෙන් හුස්ම ගන්න එකෙක් මම වෙනුවෙන් ජීවත් වෙන එකෙක් ඉන්නකොට මම පවුල් කරයෙක් නෙවෙද.....හොදම දේ ..අනුන්ගෙ පවුල් බර මගෙ ඔලුවට නොගෙන මෙ උන්නා වගෙම පාඩුවෙ ඉන්න එක........

මං එන්න ආවා.... හවස් වෙන්න හවස් වෙන්න බීලා බීලා සූර් වෙච්ච උන්  අතපට කඩාගන රතිඤ්ඤා බට්ටා වලට ඇස් කන් කටවල් කාගන තුවාල කරගත්තු උන්ව කොළඹ මහ ඉස්පිරිතාලෙට අරන් යනකොට  මාසයක් තිස්සෙ මිනිස්සු ඇගිලි ගැන්න නත්තලත් ඉවර වෙන්න ආවා.......

අනේ ඉතින් නත්තල ඉවරයි....

දම් රෝ එක ඉස්සරහා මහ පාරෙ අයිනක තිබුන ගවලනේ දැකලා මට  දුක හිතුනා...
ආය ඉතින් එයා එක්ක නත්තලට පල්ලි යන්න අවුරුද්දක් වෙනකන් බලන් ඉන්න එපැයි.......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now