67වන කොටස....

5.3K 1K 211
                                    

සීනු හඩින් ලොව පිඹිදෙනවා ..
නත්තල දොර ළඟ හිනැහෙනවා....
ගව හලකට තරුවක් යනවා....
අහසට පොළව ගැටේ.......
අහසට පොලව ගැටේ...


ඊයෙ රෑ නිදා ගත්තෙ කීයටද කියන්නවත් මං දන්නෙ නෑ....අඩුම දැන් වෙලාව කීයද කියන්නවත් මං දන්නෙ නෑ මං දන්නෙ එක දෙයයි...අදයි හෙටයි එයාලට නත්තල් ....

ලාවට ඇහෙන නත්තල් ගීතිකාව...මේ කොලඹදි මං ඕන තරම් ඔය ගීතිකාව ඇහුවා  .ඒත් මේ නත්තලේ තරම් මගෙ හිතට වෙන කිසීම නත්තලක් නොදැනෙන්න ඇති.........

ගේ අස්සෙන් ඇහෙන නෑහෙන ගානට ඇහුන නත්තල් ගීතිකාව අහන් මම තවත් නිදි කිරුවා.....මං එහෙම්ම ඇද පුරාවට අතපත ගාලා බැලුවා...එයා නෑ මාව පොරවලා එයා ඇදෙන් බැහැලා යන්න ගිහිල්ලා......මං එහෙම්ම උඩ බෙලි අතට හැරුනා......

විතේන් අයියෙ....මගෙ නිතේස් අයියා කෝ...

නිදි....

නිදි.....?මේ නත්තල් දවසේ.....ආනේ....අනේ.....හරි ශෝක්....ඈ නිතේස් අයියෙ නමයත් පහුවෙලා .....මෙච්චර වෙලා නිදා ගන්නෙ....ඔය දෙන්නා අතර යම් කිසි දෙයක් වත් සිද්ද උනාද....

නෑ බන්...මෙන්න මේ පිටි එකට මේක කලවම් කරපන්....

මෙච්චර වෙලාම සීනු හඩ ගේ ගාවට ගෙනාව ගීතිකාව නැවතුනා......කුසිය අස්සෙ එකම සද්දෙ වගේම කේක් සුවද කාමරේට පවා දැනුනා  ශෙනෝනයගෙ පිස්සු හුරතලේ මොන මොනවද අහනකොට මගෙ විතේන් ඒක්ගෙන් පුලුවන් තරම් වැඩ ගත්තා .....

කේක් එකක් කඩෙන් උනත් ගන්න පුලුවන්නෙ මැනිකෙ කිව්ව මට එයා හරි අපූරු උත්තරයක් දුන්නා....එයා කිව්වෙ...මෙ නත්තල එයාගෙයි මගෙයි....ඉතින් ඒ අත් දෙකෙම්ම නත්තල් කේක් එකක් හදන්න ඕනා කියල කිව්වා..මොකද    ....ඒකෙ සීනි හැන්දක් ගානෙම තියෙන්නෙ එයාගෙ ආදරේ......එයාගෙ මහන්සිය......එයාගෙ කැපවීම....ඉතින්....එයාට ඕන උනේ ඒක වෙනකොට මම කොහොම කියන්නෙ කඩෙන් ගේමු කියලා .......

ඇදන් උන්න සරමෙ ගැටේ නින්දෙම්ම ලෙහිලා තියනකොට මම නිදාගන ඉන්න ගමන්ම ඒක ගැටගහගත්තා .......පාර පුරාවටම වෙනදට ඇහෙන කෑකෝ සද්ද ඉවරයක් නැතිවම ඇහුනා... ගහපු කොළඹ මහනුවර.....යාපනේ කොළඹ.....කන්කසන්තුරේ කොළඹ.......දකුන කොළඹ.....ගහපු අශෝක් ලේලන්ඩ් වලට නිවනක් තිබුන් නෑ.....ඔය ඔක්කොම වට ගහලා ටර්න් එක එනකොට ගුනසිංහපුරේට යනවා..නැත්තන්....ලංගමේට ගහනව....හෙට කියලා වෙනසක් නැ ඒ මිනිස්සුන්ටත් හෙටත් වැඩ.....නැත්තන් නත්තලට නෑගම් යන දුප්පත් උන්ට මොකද වෙන්නෙ.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now