70වන කොටස....

5.3K 974 335
                                    

මන් ඵෝන් එක සාක්කුවෙ දාගත්තා .......

ඒකිට ආයම බනිනවා ..මට හිතට මහ මොකක්ද වගේ දැනුනා....මූසලි...මූසලි....ඇයි....ඒ?



නිතේශයා ....

.............

නිතේශයා...

...........

යකො......නිතේශයාහ්

ඇයි....ඇයි.....පගො ඇයි...

ඇයි අහන්නෙ වරකො..මං මෙතන තනියම අගුරු වෙනවා තෝ ඔතන මනා පාර ගහනවා...

මම බැනුම් ඇහුවා සෙනාරිගෙ කෝල් එකම මහ වදයක් වෙනකොට මම නම්බර් එක බ්ලොක් කරලා දැම්මා...ඒකි බැන්දා...අනේ දෙයියනේ මටත් කියලා දැන් පවුලක් ඉන්නවා...මට කියලා එකෙක් ඉන්නවා.....ඌටයි මටයි පවුලක් ඕනා....ළමයෙක් ගැන පවා අපි හීන මැව්වා ...අපි ඒ ගැන බලාපොරොත්තු තියා ගත්තා එච්චරත් ලොකු හීන මැව්වට පස්සෙ මොකටද ගිය උන්ගෙ වේදනා මගෙ පවුල අස්සට දාන් දුක් විදින්නෙ......


ඕක අනිත් පැත්ත හරවපන්....

මං උගෙන් හැන්ද ඉල්ල ගත්තා ..මස් පෙත්ත උඩ තිබුන රෝස් මරී අතු කෑල්ල පිච්චෙන කොට ඒ සුවද හතර අත ගියා....

පලිගුවො....කෝ අහකට වෙයන්...උඹලගෙ අම්මා මාව මරයි අමු මස් ගිල්ලලා කෝ...ඉතින් අහකට යමන්කෝ....

වැටෙන වැටෙන මස් කෑල්ල ගිල ගිල උන්න පලිගුවගෙ පිටට ඩෑස් එකක් දීපු මන් ආයම දුක හිතිලා ඇහැට වත් නොපෙන මස් කෑල්ලක් දැම්මා....ඒකි බලු අත් දෙකෙම්ම අල්ලන් ඒක ලෙව්වා.....

නිතේශයා....ඉදා. ...

මම උන්නෙ ඇස් දෙක හීනි කරන් රතු පාටින් ගිනිදර විසික් වෙන අගුරු කෑලි එහා මෙහා පෙරල පෙරල වෙනකොට ශෙනෝන් මගෙ අතට බියර් කෑන් එකක් ගෙනල්ලා දුන්නා....

අරකි මොකෝ කියන්නෙ දැන්...

ඒකිට කියන්න දේවල් තිබුනත් කියා ගන්න හම්බුන් නෑ....උන්ගෙ නැන්දම්මා කෑ ගැහුවා...

හා..හා...එහෙම කියලා අනුන්ගෙ නයි රෙද්ද අස්සෙ දාගන්න එපා හරි....නිකන් දුක අහන අයියා වෙලා ගෙදර ඉන්න එකාට දුක් දෙන්න එපා නිතේශයා ..ඒකිට තිබුනා බැදපු මුල් කාලෙත් උඹේ සැප දුක හොයන්න...ඒක එහෙම උනානම්...ඕක අපි හැමෝටම සාමාන්‍ය දෙයක් වෙන්න තිබ්බ...ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් නෙවේ...අනික කරදරයක් උනාම විතරක් මතක් වෙන උන්ව මොකටද කියපන්කො....?

BREATH OF LIFE (Complete)Where stories live. Discover now