thank you note😘😘

6.4K 1.1K 185
                                    

Happy anniversary to me.....

ඉතින්.....හරියටම අවුරුද්දක් ........

මුලින්ම.....ස්තූතියි ඔයාට...මගෙ පාඨකයෙක් උනාට....

ස්තූතියි ඔයාට මගෙ කතා ඔයාගෙ රීඩින් ලිස්ට් එකට එකතු කරගත්තට.....

මං වෙනුවෙන්  වෝට් එකක් දානවට.....

මං වෙනුවෙන් කමෙන්ට් එකක් දානවට....

ඒ වගෙම කමෙන්ට් එකක් වෝට් එකක් නැති උනත්.....නිහඩ කියවන්නෙකු වෙලා හරි...මගෙ කතාව රසවිදිනවට......

නිදි නැති රැයවල් ගානක්........මේ අවුරුද්ද පුරාවටම මට තිබුනා.....ලිය ලිය ඉන්න ගමන් ඉදන් උන්න පුටුවෙම නින්ද ගියපු වාර අනන්තවත් තිබුනා.....මහ රෑත් ඵෝන් එක දිහා බලන් ඉදලා ඇස් රතුවෙච්ච දවස් අනන්තවත් තිබ්බා.....ලියලා ලියලා අවසානෙදි "අනේ බන් තව ලියන්න බෑ......මට මහන්සී යකො" කියලා එයාට මැසේජ් කරපු දවස් තිබ්බා.......

අනේ අක්කෙ අදනම් මහන්සී මේ ලමයට කියලා එයාට කියපු දවස් තිබුනා .......

ඒ උනත්.....ඒ හැම දේම මැද අවුරුද්දක් ඇතුලත කතා විසි නවයක්....මම ඔයා වෙනුවෙන් ලිව්වා......සතයක් වත් ආපිට බලාපොරොත්තුවක් නොවීම.......

එකම එක කමෙන්ට් එකක් වෙනුවෙන් .....එකම එක වෝට් එකක් වෙනුවෙන් .....මම ඔයා වෙනුවෙන් පැය ගානක් ලිව්වා.....

දන්නවද සමහර දාට මට ලියන්න දේවල් තිබුන නෑ....ඒ උනාට ඔයා මං වෙනුවෙන් මගෙ කතාව වෙනුවෙන් එක mb එකක් හරි වියදම් කරන්නෙ ඔයාගෙ සල්ලි කියල මතක් වෙනකොට මම ආයම හිතුවා...ආයම හිතුවා.......ආය ආයම හිතුවා.....

අද වෙනකොට ......මං වෙනුවෙන් ඔයාලා හුග දෙනෙක් ඉන්නවා....

සාතන්ගෙ වයිෆ්....daughter of satan දුශ්ට ඕතරී කියල නම දෙන තැනට මම ඔයාලට සමීප උනා.....

ජීවිතේට ඇහැට නොදැකපු අය මට මැසේජ් කරනවා...අක්කෙ ස්තූතියි ......ලොකූම ලොකු මැසේජ් එකක්  එවලා අවසානෙදි එයා මට කියනවා අක්කෙ ඔයාට ගොඩාක් ස්තූතියි කියලා....

ටයිපින් මිස්ටේක් හුගාක් තියනවා....ලියාගන යනකොට අවසානෙදි ස්ක්‍රීන් එක බොද වෙලා පේනවා......ආය පාරක් කියවන්න තරම් මහන්සි දැනෙනකොට පබ්ලිශ් කරලා මම වැටුන තැනම නිදා ගන්නවා.......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now