එයාගෙන් ආයම රිපලයි එකක් ආවෙ නෑ...ඒත් එයා ඔන්ලයින් උන්නා. ....මං බලන් උන්නා..මොන හේතුවටද කියන්න දන්නෙ නෑ මං එයාලා දෙන්නා ජීවත් උන ගෙදර දිහා බලන් උන්නා....
උඹ හරි පව් විතේන්...මගෙ ආදරේ මටම අමතක කරගන්න බැරි වෙනකොට මම මෙහෙම විදවනවා නම්...හැම බැම්මක්ම බිදල ඒ කොල්ලා එක්ක ජීවත් උන උඹ කොහොම ඉවසන්නද....එක අතකට උඹට පිස්සු නොහැදුනා නම් තමයි පුදුමේ........
දෛවය හරි නපුරුයි විතේන් උන් පන්න පන්න පලිගන්නෙම අවංක මිනිස්සුන්ගෙන්....උඹ උනත් කොච්චර හීන මවන්න ඇතිද...උඹ උනත් කොච්චර සතුටින් ඉන්න ඇතිද.....ඒත් ඒ හැම දේම එක තත්පරේකින් වෙනස් වෙනවා කියන්නෙ ...ඒකත් ආයම කවදාවත් හදා ගන්න බැරි විදිහට .......
උඹයි මායි හෙන පව් ....ඕනම දරදඩු මූනක් පිටිපස්සෙම අහන්න අමාරු කතාවක් තියනවා.. .ඒක ඇත්තක්......
අහසෙ පායපු හද එක්ක මම බැල්කනි එකේ තනිවෙනකොට බොටමව වඩා ගත්තු ශෙනෝන් යන්න ගිහින් පැය බාගයක් පහු උනා.....
එක අතකට උන්ට තියන හයියවත් වෙලාවකට මට නෑනෙ...විදුරුවට පිරෙන අරක්කු උගුරු ඇගම උනුසුම් කරන් පහලට යන කොට අවසානෙදි මට මත් ගතිය දැනෙන්න ගත්තා .....තාත්තා ගෙ මුනෙ කවදාවත් හිනාවක් තිබුණ් නෑ...එයා අම්මට ආදරේ දුන්නා ඒත් මං හිතන්නෙ ..අම්මා...ගෑනියෙක් ගෙ අතින් වෙන්න ඕන හැම දේම මගඇරියා.....අපේ පදිංචිය තිබුනෙ කොළඹ උනත් අම්මා මැනිකෙ පට්ටම මේ කොලඹත් රග පෑව....
ඒ අතින් මං හිතන්නෙ මේ ලෝකෙ අවාසනාවන්තම තාත්තා පුතා අපි දෙන්නා වෙන්න ඕනා....අවාසනාවන්තම පරම්පරාව අපි වෙන්න ඕනා.....මොකද අපි ජීවත් උනේම කොදු ඇට පේලිය නැතිව....
මගෙ ඵෝන් එක වයිබ්‍රේට් උනා....
මැසේජ් එකක්....විතේන් ගෙන්.....මං එහෙම්ම ඒක ඕපන් කරලා බැලුවා.. ...
"ඔයාට කොහොමද දැන් තවම පපුව රිදෙනවාද හුස්ම ගන්න අමාරුද අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරමුද "
එක මැසේජ් එකක් අස්සෙ ප්‍රශ්න ගොඩක්....එකම එක නැවතීම් තිතක් නැතිව ..එකම එක ප්‍රශ්නාර්තයක් නැතිව එයා චේදක් අහලා තිබ්බා.....එයා මට කතා කෙරුවෙම අදීශ් කියලා. ...එයාගෙ මුන එවෙලේ අමුතු වෙල තිබුනා.....එයා මගෙන් දැක්කෙ එයාගෙ අදීශ් වද.......
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!