110 වන කොටස..

6.7K 1K 850
                                    

නලින්....දෙයියනේ...ඒ උන්නෙ නලින්....වෙන කවුරුත් නෙවෙ ........නලින්...දෙයියනේ...මගෙ අත් දෙකේම තිබුන බඩු සීසීකඩ ගියා.....මගෙ ඇස් වලට කදුලු පිරුනා....එතන උන්නෙ වෙන කවුරුත් නෙවෙ නලින්...නලින්ටත් වඩා මට හුස්ම අල්ලන්න බලාපොරොත්තුවක් .......

නලින්...අනේ...ඔයා....නලින් මට කියන්න
මට කියන්න...මගෙ විතේන්  කොහෙද මගෙ විතේන් කොහෙද ....

මන් එකම ප්‍රශ්නෙ අහ අහ නලින්ව හොලවනකොට එයා ගොලු වෙලා වගෙ බලන් උන්නා ....

ඇයි බන් කතා කරපන්කො දෙයියනේ....මගෙ විතේන් කොහෙද .....

නිතේස් අයියේ ...මේ අනේ.....නිත්.....ජෙයියනේ.....නලියා......අම්මෙ...නලියො....අනේ පුතේ.....

මන් උන්නෙ පිට්ටු ගිල්ලා හා සමානවම ගොලුවත රකින නලින්ව හොලව හොලව වෙනකොට  බඩු කූඩෙ පුරව ගත්තු ඩියෝනයා මාව හොයන් ඇවිත් මගෙ ගාව උන්න නලින්ව දැකලා නහින්න හැදුවා ....

අනෙ නලියෝ....මේ ඔයානෙ....අනේ පුතේ අපේ විතේන් අයියා කොහෙද කියපල්ලාකො මේ ලමය දුක් විදිනවා නොසෑහෙන්න.....

මං බලන් උන්නා ඩියෝනයත් කෙරුවෙ නලින්ගෙන් මගෙ විතේන් ගැන අහන එක වෙනකොට උ නෙවෙ කටක් ඇරියේ  ..ඌ අපි දෙන්නා දිහාම බලන් උන්නෙ මිනී වලකින් නැගිටලා ආව මිනිස්සු දෙන්නෙක් ගානට වෙනකොට මම බලන් උන්නා...දැන් කතා කරයි...දැන් කතා කරයි කියලා ...

මම නලින්ගෙ ට්‍රොලි එක දිහා බැලුවා...ඒක පුරාවටම තිබුනෙ පොඩි උන්ගෙ බඩු  ..පැම්පර්ස් සබන්.....අනම් මනම් ලට්ට ලොට්ට ගොඩක් මේ මිනිහා බැදලා ලමයෙකුත් ඉන්නවද......

නලීන්.......නලින්....මේ මනුස්සයා ඵෝන් එකත් කාර් එකේ දාල ඇවිල්ලා මොන ලෝකෙද මන්දා.....

මගෙ ඇගේම හිරි ගඩු පිපිලා ගියා   ....දෙයියනෙ. ..අවුරුද්දක් පහුවෙලා....අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ඇවිත්......එයාව හොයලා හොයලා....අවසානෙදි මට ඒ කට හඩ ඇහුනා......මගෙ සර්වාංගෙම රත් වෙලා ගියා...විතේන් ...මගෙ මැනික...විතේන් .......

නලීන්....කෝ...නලි.......න්....

මාව ගැස්සුනා ....නලීන් නලීන් ගගා මැරෙන්න හදපු එයා නලින්ගෙ පිටිපස්සෙන් මතු උනා.......හැබැයි....තනියම නෙවෙ.......දරුවෙක් එක්ක.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now