කැරම් බෝර්ඩ් එක ගාව කොල්ලො.කුරුට්ටො වටවෙලා...මලගෙයක් කියලා එකයි දෙන්නයි දැනගන්න ඕනා....බුලත් නැතිවම මිනිස්සු මලගෙට එනකොට කාටත් කියන්න ඕන් නෑ එනකොට කැරම් බෝර්ඩ් එකක් ගේන්න කියලා...කාටත් කියන්න ඕන් නෑ තනි රකින්න එන්න කියලා.....
බුලත් වට්ටිය ළඟ වට උන නාකි උන්දලාගෙ මූනවල් මම අදමයි දැක්කෙ......මේ කවුරුත් මැනිකෙලාගෙ නෑයො නම් නෙවෙ වෙන්න ඇති....ඇරත්..මැනිකෙලාට කොහෙන්ද නෑයො.......
සන්තකේටම තියන කුසියට රිංගන්න පුලුවන් එකෙක්ට දෙන්නෙක්ට වෙනකොට කෝපි හදන්න එන ගෑනුන්ට කුසිය මදි උනා......මරනාදාර සමිතිවලින් ගෙනාව ලොකු වතුර මුට්ටි තියන්න ලිප්ගල් ගෙනාවෙ වලව්වෙන්ම වෙනකොට මේ වෙනකොට වලව්වෙ මහ මැනිකෙට අප්පච්චි පපුවෙ අමාරුව හදවලා තිබුනා පිගන් කෝප්පා ලොට් එකක් ගෙනාවට......
දහම්.....ඔව්වා දීලා බැ දහම්.....
උඹ මැරුනම මේවා පෙට්ටියෙ දාන් යනවද...අනික තොපේ එකීලා හින්දා තමා මේකිට මෙහෙම උනේ....කුම්මැහි හැත්ත නිස්කාරනේ පොඩි එකී මැරිලා ගිය් වෙලේ උඹලගෙ මහ එකී මැරිලා ගියෙ නෑනෙ............
මගෙ දෙයියනේ දහම්....
කරුනාකරලා අහකට වෙයන් අනීතා...මට උඹවත් දැන් තිත්ත වෙලා ඉන්නෙ....උඹලා මේ රටටත් සාපයක්..මේ බිමටත් සාපයක්.....සුදු පුතා කියන්න වගෙ ඒකිට වලව්වෙම මල් මදි උනාලුද...ඇරත් ඕකිගෙ මූන බලන්න වටින් නෑ ඒකිඅර ලියමනෙ ලියලා තියන දේවල් එක්ක.....වේසකම ජානවලින් නෙ යන්නෙ....අම්මලා දුවලා සීයලා ඔක්කොම තනිකරම අමුවේස පඩංගු තමයි....
දහම් කට පියා ගන්ඩ..මේක මලගෙයක් ...
මං කට පියාගන්නම්...දෙයියන්ගෙ නාමෙණ් උඹලා වලව්වෙම ඉදපල්ලා ඒ ගෑනිට තවත් වද දෙන්නෙ නැතිව....
මම අහන් උන්නා....අම්මා අප්පච්චි තැනක් නොතැනක් නැතිව රන්ඩු වෙනවා.......අප්පච්චිගෙ ජීවිතේට විතේන්ගෙ අම්මා ආය අය ලන් වෙන්න ගත්තු දා ඉදන් අප්පච්චි වෙනස් වෙන්න ගත්තා .මට කියන්න තේරෙන්නෙ නෑ...අප්පච්චි චන්ඩ වෙන්න ගත්තා ...ඒක නිකන්...මම සෙනාරි එක්ක ඉන්නකොට කර බාගන උන්නට....විතේන් මගෙ ජීවිතේට ආවට පස්සෙ මම චන්ඩ වෙන්න ගත්තා හා සමාන දෙයක්......පිරෙන්න බලන් උන්න බෝම්බා දෙකක් එක පාරම පලාතම කුඩු කරන් පිපිරෙනව වගේ දෙයක් දහම් දිසානායකට වගේම විතේන් දිසානායකටත් උනා වගේ දෙයක් උනා වගේ හැගීමක් වෙනකොට මම ඔලුව අත්දෙකෙම්ම බදාගත්තා ....
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!