32වන කොටස....

7.3K 1.1K 414
                                    

පොඩී.....

මම පොඩීව ලගට අඩගහගත්තා....එයා මගෙ ගාව ඉන්නකොට මගෙ විතේන් ලොකු වැඩක් වගෙ එයාගෙ ලැප් එකට එබීගන මොන මොන මොනවා හරි කෙරුවා ....අර නලින් කියන මනුස්සයව කන්න හැදුවා......පොඩී ඉන්නවා කියලවත් නොබලම කුනුහර්ප පැලුවා වගේම එයාගෙ කකුල උඩ තිබුන මගෙ කකුලෙන් මම ඒ කකුල හිමීට පැගුවා උනත් කියලා ඉවර කරපු කුනුහර්පෙ ආය කටට ගන්න බැරි වෙනකොට එයා ඒක කියලා ඉවරම කරල  දැම්මා....මගෙ බොටමට යකා ආවෙස වෙලා......

මිස්ටර් කියනවටත් පාඩුයි මේ හුත්තට, කියන සිංහල තේරෙන්නෙ නෑනෙ.....

සුදු අයියෙ...විතේන් අයියට මල පැනලද....

ම්ම්ම්...ම්ම්....ඒ වගෙ ඒ වගේ......පොඩී මේ බලන්න මේක  ඔයාගෙ මුනට මැචින් නේද.. ඔයාගෙ මූන චූටිත් එක්කනෙ.....

මන්දා සුදු .....ඔයාට හිතෙන එක දාන්න......මේක මගෙ කැමැත්තට වෙන කසාදයක් නම්...මම මට ඕන මේක නෙවෙ අරක  ..මට ඕන මේ පාට නෙවෙ අරපාට කියලා මාත් කියවන්න ගියා......ඒ උනත්...හිතේ කිසි  සතුටක් නැති පවුලක දීගයක් කන්න යනවා කියන්නෙ...ඒකත්........

ඇයි...ඒකත් කියන්නෙ.......මොකක්ද පොඩි ප්‍රශ්නෙ....

මම පොඩී දිහා බලන් උන්නා....එයා මොකක් හරි කියන්න හදනවා.....සැරින් සැරේම විතේන් දිහා බලනවා..........මම එයාදිහා බැලුවා ..මම එතකොටයි හරියටම පොඩීව දැක්කෙ....විතේන් මගෙ ලෝකෙට ආව දා ඉදලා මගෙ ඇස්වලට දැලක් දැම්මා හා සමානවම මම එයාග් ආදරෙන් අන්ද වෙලා උන්නා...මොකද ඒ ආදරේ තනිකරම පිස්සුවක් වෙනකොට මගෙ ඇහිපිල්ලමක පවා උන්නෙ මගෙ විතේන් වෙනකොට වටේ පිටේ උන්ට මොනවද වෙන්නෙ හිතන්න තරම් කාලයක් නැති උනා......මිනිස්සු ආදරෙන් අන්දවෙනවා කියන්නෙ බොරු නෙවෙ.....

බෝලයක් වගේ පිරුන මුනක් තිබුන....අගපසග පිරුන් නැති උනත්...අතපය බෝල ගැහුන පොඩී අද දිරලා ගිහින් තිබුනා...ඒකිගෙ උරහිස් ඇට පවා පෑදිලා තිබුනා.......අල්ලක් සයිස් උන රවුම් පියයුරු ඔහේ වැල මදුලක් වගේ එල්ලුනා....අක්බමරු කොන්ඩෙ ඔහේ බූටෑවක්  වගේ තිබුනා.....හිනා වෙනකොට දිලිසුන ඇස් අද මැරිලා ගිහින් තිබුනා......

එකි  සැරින් සැරේම විතේන් දිහා බලනවා...මම විතේන්ට පනඇරලා ආදරෙයි......විතේනුත් එහෙමයි....එ උනත්...පොඩී....ආසාවට පිරිමි යාලුවෙක් නොඉදපු පොඩි විතේන් ඉස්සරහ ඔලුව නැවුවා......" ලැජ්ජා බය " එක්ක කූඩු කරලා හදපු අපිට අපේ හිතවල ඇතිවෙන හැගීම් අදුනගන්න පුලුවන් වෙනකොට මම එයාගෙ අතින් අල්ලන් බැල්කනි එකට ඇවිත් බැල්කනි එකේ දොර වහලා දැම්මා.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now