78වන කොටස....

6K 1K 407
                                    

සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලෙ
අරලිය ගහ යට සුවිසුදු නිල්ලෙ...
තනිවෙන විට මා සමගින් ඉදිකර
අදි මදි කරමින්
සැනසෙමු සොදුරියෙ අපි සැනසිල්ලෙ...

දම් පාට අහස ටිකෙන් ටිකම කලු පාට වෙන්න,හදට බැබලෙන්න කිරි මුහුදෙ කිරි පාර පෙන මවන්න ඉඩ දෙනකොට අපිට එහායින් ගහපු ගිනිගොඩේ රතුපාට දැල්ල වගේම කොල්ලො කට්‍ටිය බොන්ගො එකට තල තල සිංදු කියන හැටි අපි අහන් උන්නා....

ගිනි මැලේට අල්ලලා උන්  මාලු පුච්චන සුවද උඩු හුලගට ගහගන ඇවිදින් අපිව පහු කරන් යන්න යනකොට අපිටත් නොදැනිම කටවල් වලට කෙල උනනකොට අපි කෙරුවෙ කවදාවත් නිවාඩුවක් නොගෙම රැල්ල ගහන වැල්ල දිහා බලන් ඉන්න එක......

.බවූ...ඌ......ඌ......ඌ...

ඒ...ඒ...පලිගුවො.....එපා...එපා.....දෝනියෝ......

වීදුරු බෝතල් වලට කාසිවලින්  තට්ටු කර කර බොන්ගො එක ගගහා සින්දු කියන උන්ගෙ සින්දුවට කන් දීගන උන්න අපි ඔහේ උන්නා වගේම අපි ඉස්සරහින් ගියපු උගෙම නඩේ කොල්ලෙක්ට පලිගුවා කඩාගන පැන්නා..කවදාවත් මිනිස්සුන්ව හපන්නෙ නැති පලිගුවා මදි පාඩුවට අමු මාලු කූරියෙක් උස්සන් ගියපු කොල්ලා පස්සෙ පන්නනකොට හිතුවෙ වත් නැතිවෙලේක පලිගුවගෙ දොන්ත කටහඩට ගැස්සුන කොල්ලා මාලුවව දාලා දිව්වා වගේම ගඩාපියා කෑගහන් ගිහින් ආයම බිම වැටුන කූරියව අර කොල්ලය දුන්නා වගේම පලිගුවගෙත් පිටට ඩෑස් එකක් දුන්නා....

ආ අයියො ඔයාලගෙ මාලුවා...මේ ලමය බොරුවට ඔය බුරන්නෙ......

හැන්දෑවෙ හුලගත් එක්ක වැටකෙයියා පදුරු වල වේලුන කොලවල සර සර සද්දෙ එක්ක අරූ කට උල් කර කර අත පය වන වන කියන්නෙ මොනවද අපිට ඇහුන් නැති වෙද්දි අපි  කන් දික් කරන් අහන් උන්නා....නිකන් කතා කර කර උන්න එකා ඒ පාර හිනා වෙනවා.... පලිගුවට බයේ දුවපු එකා මේකා එක්ක හිනා වෙනවා...

ඇත්තමයි මං අද ඕකගෙ පුක පුපුරන්න ගහනවා හිටපන්කො....

මං බලාගන ශෙනෝනයා දත් මිටි කනවා...අරූගෙ අතේම මාලුවා කුනු වෙලා  කරවල වෙලා ගියත් කමක් නෑ වගේ වෙනකොට  ඒකත් පන්න පන්නම කතා කෙරුවා ...

BREATH OF LIFE (Complete)Where stories live. Discover now