12 වන කොටස....

8.2K 1.3K 526
                                    

නිතේන්...?? මොකක්..මම බැන්නෙ නිතේන් කියලා නේ???

කැහ්ම්...කැහ්ම්....ඒකත් හොදයි ඒයි....අපේ සිපින් ගෲප් එකට....ඔන්න ඒනම්...මම නම මාරු කරා........."නිතේන්💩"

ඩියෝන්...උඹ දැන් කනවද....

නෑ...මං පස්සෙ කනවා...ඉතුරු ටික අපේ මිනිහට ඔතන් යනවා...අනේ නිකන් යන්න ඒයි යන්න...මං දැක්කනෙ....ඩියෝන් දැක්කනෙ.......

මොනවද....ඩියෝන් දැක්කෙ....???

දැක්කනෙ.........ඩියෝන් බබා දැක්කනෙ....

කො..කො..කොහෙද ...කොහෙද ඔය ඇතිල්ලෙන්නෙ යනවකො ඩියෝන් හුරතල් වෙවි මායන් වෙන්නෙ මං උඹගෙ මිනිහා නෙවෙනෙ..

මන් දැක්කෙද....ඔය ඇස් කතා කරනවා.......හුම් හුම්....අනේ යන්න ඒයි යන්න......මේ නිතේශ් ඔය විතේන් එක්ක යාලු නොවුනොත්....මං අපේ මිනිහගෙ දකුනු කන කපනවා....

එහෙමද ආස....උඹට ඕනා නම් දාගනින්....ආවා මෙතන ..වැඩ නැද්ද ඩියෝන් මායන් වෙන්නෙ......

තියනවා..තියනවා......මොකෝ වැඩ නැත්තෙ.......

එහෙනම්......

මේ....නිතේශ් ....ඒයි අහන්නකො....

අහන් ඉන්නෙ......ඇයි ඩියොන් පැත්තට යමන්කො බන්....

විතේන් ගියත් හරි මම කෑ ගහලා තියෙන්නෙ විතේන් වෙනුවට නිතේන් ගාලා වෙනකොට කොච්චර වැඩ තිබුනත් මෙතනට ඇස් දෙක දාන් ඉදපු  ශෙනෝන්ගෙ පොඩි ගඩාපියා පස්සත් උස්සන් මගෙ කැබින්  එකට ආවා...කතා කරන වචනයක් පාසාම හුරතල් වෙන්න හදන ඩියෝන්ව මම බලෙන්ම මගෙ ශීට් එකෙ ඉන්දවලා ජනේලේ ගාවට ගිහින්  ජනෙල් ගැට්ටෙ ඉදගත්තා වගේම මේකා කකුලක් පිට කකුලක් දාගත්තා ..හැබැයි ඉතින් අපින්දාන තාලෙට නම් නෙවෙ...අමු ලමිස්සි ආයම.......

ඒයි....මේ අනේ....

මොකද.....

ඔයා අර ගෑනු සතා ගැන ආයම හිතන්න එපා නිතේශ් ....

මං හිතන් නෑ.....

නෑ කිව්වට අපි දන්නෙ නැද්ද.......

...................

ඒක හරියන් නෑනෙ මචන්...නැද්ද ඒයි....

.................

බලපන් ....බොරුවට හූල්ලලා තේරුමක් නෑනෙ.....එක අතකට උඹට බැනලත් වැඩක් නෑ ඒයි......අපි කොච්චර කිව්වා උනත් උඹේ ඔලුවෙත් ප්‍රශ්න අම්බානෙට තියනවා කියලා අපි දන්නවා......ඒත් මචන් ........නෑ එක්කො මම කියන්න ඕන් නෑ...උඹ ඕන තරම් අඩපන්....ඒ උනත් පිස්සු විකාර නම් කරන්න ලෑස්ති වෙන්න එපා...උඹට ඒකි නැතිව ඉන්නම බෑ නම් ඒකිට දීපු ආදරේ අර විතේට දීපන්....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now