මං එන්න ආවා....වැහි කුඩු පොත මැදම ඇදන් උන්න සරමත් කොනකින් උස්සන් වලව්ව වත්තෙන් පැනලා පහල ගුරුපාර දිගේ කැරකොප්පුව දිහා බලාගන මන් එන්න ආවා ..
ටාං.....ටාං....ටාං...
වැස්ස කියලා නෑ....හෙන ගහනවා කියල නෑ...කම්මලෙ මනුස්සයා දැලි පාට ගැහුන සරම කැහැපට ගහගන මයින හම ඇද ඇද ගිනි පිඹ පිඹ යකඩ තලේකට ගහනවා ......
මඩ වෙච්ච අඩි පාරෙ මඩවලවල් උඩින් පැන පැන ගියපු මං එක මඩවලක තිබුන ගෙඹි බිත්තර දිහා බැලුවා ...තව ටික දවසකින් ඔතනින් ඉස්ගෙඩි බෝවෙයි .....නොදන්න ළමයි නොතේරුම් කමට මාලු පැටව් කියලා රැවටිලා ඉස්ගෙඩි අල්ලන් යාවි....හරියටම මං දැන් නොතේරුම් කමට රැවටිලා ඉන්නවා හා සමානවම ......
මාමෙ....
මං කම්මල ඇතුලටම ගියා...කම්මලේ මනුස්සයා අත් දෙකෙම්ම මනිහම අදිනවා..මනුස්සයා අත් දෙක ඉහලට උස්සන වතාවක් ගානෙම දෙපැත්තෙ තිබුන ඉල ඇට වල ඇට එකයි දෙකයි කියලා ගනින්න පුලුවන් තරමට කේ ඩෑරි වෙලා ගිහින් උන්නා....
මයින හමේ එල්ලිලා උන්න මනුස්සයා මං මාමෙ කියනකොටම හැරිලා බැලුවා ...ඒ මූනෙ බයාදු හිනාවක් මතු උනා...කිලිටි අත් දෙක සරමෙන් පිහිදගන සීයා තාත්තව දැක්කම දෙකට නැවෙනවා වගෙ නැවෙන්ඩ හදනකොට මං මනුස්සයව නැවැත්තුවා ....
.
බේබි හාමු ....මේ වැහි පෝරුවෙ .
උදැල්ලක් හදාගන්ඩ....
හදිස්සිද ...අපෙ හාමු.....
උඹ හදන්ට ඕන් නෑ...මං හදා ගන්නම්...
අනේ හාමු....ඔය අත්වලට බැරිවේවි පදම් කොර කොර යකඩ තලන්ට....
බැරි උන හෝ නැතා...මං මේක අද හදන්ඩම ඕනේ....මට දියන් ආම්ප්නන ...
මං කම්මල් කාරයගෙන් ආම්පන්න ඉල්ලන ගමන් එතන තිබුන ආන්පන්න අල්ලලා බැලුවා ....යකඩ තලන මිටිය....යකඩ අල්ලන අනුව....ගල් අගුරු.....වතුර බේසම....මේ ඔක්කෝම එක්ක මං ඒ හැම දේම අත ගෑවා ......
බේබී හාමු.....මේන්...මගෙ...නම් මනාපයක් නෑ හාමු.....මොල්ලිගොඩ මහ හාමු දැක්කොතින්....අහිංසක මගෙ දරු පවුල බඩගින්නෙ...මාව අච්චු කොරාවි...
YOU ARE READING
BREATH OF LIFE (Complete)
Fanfictionකවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!