#ජේනුක මිහිඳුකුලසූරිය
වේලාව බලන්නට අත් ඔරලෝසුව බැලූවද එකවර සිහිවූයේ අද එය අමතක වූ බවයි. එබැවින් මම වහ වහා ක්රීඩා භාණ්ඩ එක්කාසුකර බෑගයට ඔබාගන්නට වූයේ ප්රමාද වී ඇති බව අනුමාන කරමිනි.
" ජෙම්.. උඹ ඇයි අද ස්විම් එකට යන්නෙ නෑද?"
කෙනත් එසේ ඇසුවේ මගේ ලෑස්තිය වෙනස් වී ඇති බව දැනීමෙන් විය යුතුය.
ඔහු කොහොමත් මගේ හොඳම මිතුරාය. නමින් කෙනත් වූ ඔහු ඇමරිකානු මවකට හා නවසීලන්ත පියකුට ලැබුනු ප්රථම දරුවාය.
මීට වසර අටක ප්රථම මගේ පාසලේ පන්තියට පැමිණි එපාකරපුම කොල්ලෙකු වූ ඔහු අද මගේ හොඳම මිතුරා වනු ඇතැයි කිසිවකු තබා මමද විශ්වාස නොකලෙමි. සබඳකම් එලෙසය, කවදා කෙලෙසක ඒවා ඇරඹෙන්නේදැයි කාටවත් අනුමාන කළ නොහැකිය.
" නෑහ්"
මගේ ඒ පිළිතුරෙන්ම යමක් තේරුම් ගන්නට තරම් මිතුරුකමක් අප අතර ඇත.
" හෙහ්.. උඹේ 'මැණිකා'ගෙ ඩියුටිද අද? හා.. හා.."
ඒ සරදමට මට නැඟුනේ සිනාවකි. කන්පෙති රතුවීම නොපෙනෙන මගේ හමේ පාට ගැන මම නැවතත් සතුටු වීමි.
" 'මැණිකා' නෙවෙයි බං 'මැණික' ! කොහෙන් හොයාගන්නවද මන්දා උඹ. මං යනව පරක්කු වෙනව"
මම ක්රිකට් ආම්පන්න සහිත බෑගය රැගෙන ඉක්මනින් වාහන අංගනයට ඇවිද ආවෙමි. මොකක්දෝ හේතුවකට මගේ හිත වේගයෙන් ස්පන්ධනය වෙන්නේ සති අටකට පසුව ඈ දකින පළමු වතාව නිසාද?
උසස් අධ්යාපනය සඳහා විශ්වවිද්යාලයට ඇතුලත්වීමට මම වෙලින්ටන් වෙත පැමිණ දැන් සති අටක් ගතවී ගොස් ය. මගේ පවුලේ අයගෙන් වෙන්ව මෙලෙස ගතකිරීම යනු මෙතරම් අසීරු කාරණයක් වෙනු ඇතැයි මම සිහිනෙන් වත් සිතුවේ නැත. අම්මාගේ ඒ මුදු සුවඳ පිරුනු හාදුත්, පච්චීගේ උරයට වැදෙන පන්ච් එකත් මට මෙතරම් මිස් වෙන බවක් දැනුනේ පළමු රාත්රිය තුලදීමය.
ඒ සියල්ලටම වඩා කෑකෝ ගසමින් , හොරවැඩ කරමින් මගේ සහෝදර සහෝදරියන් පස්දෙනා අතරේ ගෙවුනු ඒ සමය මේ පාළු නිහඬ බව විසින් මා වේදනාවට පත්කොට තිබින. ඔව්! මට තිබුනේ විසල් පවුලකි. එකම වයසේ පසුවන තුන් නිවුන් දරුවන් තිදෙනෙක්ද, ඉන් පසුව ඉපදුනු නිවුන් දරුවන් දෙදෙනෙක්ද වශයෙන් මට බාල සහෝදර සහෝදරියන් පස් දෙනෙකු මට සිටී. අප හයදෙනා බොහෝ සේ එකිනෙකා හා බැඳී සිටියේ කුඩා මුතුහරක් මෙනි. නිහඬ තරුණයෙකු වුවත් මම ඒ කෝලාහලයන් වලට ආසා කලෙමි.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...