14 - බොහෝ දේ ඒ මේ අත

64 8 2
                                    

#ජේනුක

Chrischurch ගමනින් පසුව මා සිටියේ පරක් තෙරක් නොමැතිව නිශ්චල මුහුදක් මැද අරමුණකින් තොරවම බලාගෙනය. මේ හැඟීම් සහ මානසික කම්පන විසින් මා කෙමෙන් කෙමෙන් මා තල්ලු කරනා ඉසව්ව ගැන මම දෙවරක් සිතන්නට උත්සහ කරමින් උන්නෙමි.

ජීවිතයේ සමහර කාරණා වලදී ජේනුක නිශ්ශබ්ද සහ අභ්‍යන්තරාවර්තී අයෙකු ලෙස විසඳාගත් මෙන්ම අවුල් කරගත් දේ බොහෝය. මෙය මා අවුල් කරගත යුත්තක් නොවන බවත් කලයුත්තේ මීට මුහුණදීම බවත් පාන්දර වනවිට මම තීන්දු කරගෙන සිටියෙමි.

" උඹ විඳවන්න ඕනෙ නෑ බං.. රුකීගෙ සීන් එකේදිත් උඹ කලේ පැනලා ගියපු එක. ඒකි කාගෙන හිටපු එක මටම පුදුමයි. මේ ප්‍රශ්නෙදි උඹට එහෙම කරන්න බෑ.. "

මගේ කතාවත් අනතුරුව මගේ සැලැස්මත් ඇසූ කෙනත් කීවද, සරිත් සිටියේ ඊට හාත්පසින්ම වෙනස් අදහසකය.

" ඔය රෙද්දවල් එක්ක මොලෙන් වැඩ කරපං. උඹේ අම්ම ගෝකුල ලේඩි උනේ නැතුවට කමක් නෑ..  අර කෙල්ලව එල්ලගන්න එපා. උඹ ඔය යන පාරෙ පලයං,  ඔක්කොම අවුල් වෙනවනෙ නැත්තං.. "

ඔහුගේ අදහසට මගේ කොටසක් අඩපණ වනවා දැනුණි. කෙනත් මෙන් සරිත් තරුකිට ඇති අකමැත්තට හේතුව ඔහු නොකිව්වත් මම දනිමි.

"ගිහින් අර කලින් උඹ contact කරන්න කියලා කියපු දොස්තරයා හම්බ වෙයන්... ඌනෙ අන්තිමට උඹේ ඩඩාට treat කරපු ඩොකා... "

කෙනත් මඟින් මඟට මතක් කල මුත් මම එය එක කනෙකින් අසා අනෙක් කනින් පිටකලේ ඇයිදැයි මටම සිතාගත නොහැක්කේ, එසේ වූවානම් අනාගතය කෙරම් වෙනස්වන්නට සිදුවේදැයි නොදන්නා නිසාම වන්නට ඇත.

ජීවිතයේ සමහර දේවල් එලෙසය.. කවරදාවත් නොපෙනන අනාගතයක් පවා අංශක එකසිය අසූවකින් හරවන්නේ එලෙසය. ඉතින් ජේනුක මිහිඳුකුලසූරිය ඒ අවස්ථාව මගහැර ගත්තේය!
.
.

මම හිරුක දුන් තොරතුරු අනුව යමින් රෝහල වෙත පිවිසෙන විටත් ගෝකුල පවුලේ කීපදෙනෙක් සුපුරුදු පරිදි රෝහල් ඇඳ වටා රොක්ව සිටි අතර, මාගේ පැමිණීමත් සමඟ පච්චී අම්මාගේ වගකීම මට දුන්නාක් මෙන් හැසිරෙන්නට පටන් ගත්තේ මා තරමක් වික්ශිප්ත කරමිනි.

ඔබ දන්නව නම්Where stories live. Discover now