46 - සැබෑ සතුරා හඳුනාගැනීම අපහසුය..

40 3 0
                                    

තිගැස්සී මෙන් පියවි සිහියට පැමිණි ජේනුකට එකවරම තමා සිටි අවසිහිය ගැන ලැජ්ජාවක් දැනුනද , සියල්ලෝම ඔහුට ඇති බිය නිසාම පනින්නට ආ සිනාව තදකොට ගත්තෝය.

" අපි ඒ ගැන පස්සෙ කතාකරලා තීරණයක් ගම්මු. අදට මේ තොරතුරු ටික ඇති "

වහා ඉදිරිපත් වූ වැඩබලන මූල්‍ය ප්‍රධානියා එසේ පැවසුවේ සිය ප්‍රධානියා බේරාගන්නට නොව සිය බෙල්ල බේරා ගන්නටය. අද දිනට නියමිත මාසික අලෙවි සමාලෝචනය සඳහා ඉදිරිපත්කල තොරතුරු කිසිවකට ඔහු අවධානයෙන් සවන් නොදුන් බව දුටුවේ ඔහු පමණක් නොවේ.

'සධී මිස් එදා ඇවිත් ගියාට පස්සේ ඉඳලා ලොක්කා සයිකො.. මට නම් ශුවර් ලොක්කාට දැන් අවුල් ඇති'

මේ සාකච්ඡාවට එන්නට පෙර ගිණුම් අංශයේ ඕපාදූප මල්ල දිගහැරගෙන උන් රූපා කියූ කතාවට දෙතුන් දෙනෙක්ම හූමිටි තැබූහ.

' සධී මිස් පව්.. ටිකක් ස්ට්‍රික්ට් උනත් ලොක්ක වගේ නෑ. ගෙදර ඉඳනුත් වැඩ. මෙයා මේ ඔෆිස් ඇවිල්ල සිගරට් කකා ඉන්නවා.. ඉස්සර වගේ නෙවෙයි දැන් රූම් එකට යනකොටම ඩන්හිල් ගඳ!'

' ඇත්තටම මොකෝ රූපා සරුයි.. සධී මිසුයි බ්‍රේක් අප් උනේ? ඊටත් දැන් බබෙකුත් හම්බෙන්න.. අනේ මන්දා..'

' ඒයි ඒ බබා සර්ගෙද ඉතින්?'

' අනේ.. මට බැරි උනානෙ ඒ දෙන්න එදා ඒ වැඩේ කරනකොට බලාගෙන ඉන්න.. ඒ හින්ද හරියටම දන්නෙ නෑ'

අංශයේ වඩාත්ම කටකාර මුත් හිත හොඳ ලෙස ප්‍රසිද්ධ තරුණිය එසේ කියද්දී සැමගේම මුහුණු හැකිලී ගියේ සැනෙකිනි.

'.. ඇත්තටම ඔයාලටත් ලැජ්ජ නෑනෙ මේ අනුන්ගෙ කුණු හොයන්නෙ ආ? සර් මේ දවස්වල ඉන්නෙ අවුලෙන් කියන එක අපේ වැඩ වලට අදාල කරගන්න එපා.. හැමෝගෙම ජීවිතවල අප්ස් ඇන්ඩ් ඩවුන්ස් තියෙනවනෙ...'

එතැනින් කතාබහ නිම වී ගියත් සධානාගේ ආගමනයෙන් වෙනත් යමක් සිදුවෙමින් පවතින බව දැනුනු කිහිප දෙනෙක්ම වූහ.

"... මිස්ට මිහිඳුකුලසූරිය මම cash inflow sheet එක මේල් කරන්නම්"

ඔහු තවදුරටත් පැවසූ නිසා ඊට හිස සැලූ ජේනුක සිය ආසනයෙන් නැඟී සිටියේය. ඉබේම එක් අතක් කලිසම් සාක්කුවට ගියේ දුම්වැටියක් සඳහා වුවත් සාක්කුව හිස් විය. නොසන්සුන් මනසින් ඔහු මේසය මත තබා තිබුනු සිය දුරකතනය අතට ගත්තේය.

ඔබ දන්නව නම්Onde histórias criam vida. Descubra agora