#ජේනුක
".. මොනවද තමුසෙට ඕන?"
ඔහුගේ කියවිල්ල අතරමැද කඩාපැන්න මගේ ස්වරය බොහෝ දුරට සමාන වූයේ දත්මිටිකෑමකටය.
තත්පර දෙකක නිහැඬියාවකට පසුව දුරකතනයේ එහා පසින් සිනාවකින් විසිවන හුස්මක් මට ඇසෙන්නේය.
" අහ්! ඒකත් එහෙමද? දැන් මට ඕනෙ දෙයක් දෙන්න උඹ එතකොට සූදානම්ද ආ?"
ඒ සරදම් හඬට මට නැඟී ආ කෝපය දරාගත නොහැකිව මම හිඳගෙන උන් නැතින් නැඟිට මේසය අසළ වූ පුටුවට ගැසූ පයින් පහරට එය මහ හඬක් නඟමින් ඇඳේ වැදී කකුලක් බිඳී ගියේය.
" මේක හොඳට අහගනිං බල්ලා.. උඹට ඕනෙ දෙයක් දෙන්න තරම් මං රට හරකෙක් නෙවෙයි. තග දාලා උඹට ඕනෙ දෙයක් ගන්න මම ගෝකුලයෙක් කියලා හිතුවද?
හොඳට කන්දෙක ඇරලා අහගනිං.. මම ජේනුක මිහිඳුකුලසූරිය... උඹේ ගැට වලට අහුවෙන බූරුවෙක් නෙවෙයි මං. අනික කාටවත් දෙකට නැවෙන්ඩ තරම් වැරැද්දක් මං කරලත් නෑ..
මට කියලා අනිත් ඇහැත් පොට්ට කරගන්නෙ නැතුව ආපු අතක් බලාගෙන පලයං..!"දත්මිටි කමින් සහ බරැති හුස්ම අල්ලමින් කියවාගෙන ගිය මට ඒ වචන කොහෙන් ආවාදැයි පුදුම සිතුනු මුත්, ඒ වචන වලින් මට අවැසි දේ කියවෙන්නට ඇත. ඊට අනෙක් පසින් වියරු සිනාවක් සමඟ දැනුනේ මට අවැසි නිලයට පහර එල්ල වූ බවයි.
" හ්ම්ම්.. උඹත් එක්ක අතින් පයින් ගහගන්න තරම් මං මෝඩයෙක් නෙවෙයි ජේකේ..
ඒත් උඹට කියන්න ඕන ටිකක් තියෙනවා. ඒකයි මම විස්තර ටිකක් කිව්වෙ.. කොහෙද උඹ ලෑස්ති නෑනෙ ඒ ටික අහන්න.
එහෙනම් මම කෙලින්ම මාතෘකාවට එන්නම්. "ඒ බකපණ්ඩිත වචන වලට උණුසුම් වන මගේ රුධිරය අතරින් පවා මම නිහඬව දුරකතනය සවනට තදකොට සිටියේ ඔහුට කතාකරන්නට ඉඩ දෙමිනි.
".. මේකයි කාරනේ.. උඹ වගේ කල්ලෙක්ට black caps team එකේ ඉන්න ඕනෙ නම්, මේ වගේ දේවල් වලින් ඈත්වෙලා ඉන්නව නම් හොඳයි.
උඹ දන්නවනෙ.. එහෙ නවසීලන්තය උනාට.. උඹ දැන් ඉන්නේ ලංකාවෙ.. ලංකාවෙ ක්රිකට් වලදි උඹ කවදාවත් නේතන්ට අභියෝග කරලා නම් අත පුච්චගන්න හදන්න එපා"ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම? මූ කියන්නේ මූ මාව ටීම් එකෙන් හලනව කියලද?
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...