42 - බිඳෙමින් හැදෙන හදවත්..

59 2 2
                                    

සේවකයාගේ මුහුණ මත ආයාසයෙන් නඟාගෙන උන් සිනාව මැකී යනතුරුම පිලිතුරක් පැමිණියේ නැත. තමා දෙස එක එල්ලේ බලා සිටිනා මේ ගුප්ත මිනිසා තමන් නොසිතාම කෝපගැන්වූවාද කියා සේවකයාගේ හදවත දඩි බිඩියේ ගැහෙමින් අසන්නට වූ අතරතුරේ,  ඔහුගේ බිය සෙමෙන් හිස ඔසවද්දී ගොරහැඩි හඬකින් ඔහුට පමා වූ පිලිතුර ලැබුනේ අතුල් පහරක් මෙනි.

" මට ඕන ඇති ක්ලබ් එකක් නෑ!"

එතරම් රළු හඬක් ඒ බිත්ති වලට දරාගත නොහැකි නිසාදෝ හඬ පිවිසුම් දොරටුව ඔස්සේ යාබද කොරිඩෝව දක්වාම පැතිර ගියේය.

" ස්... සොරි සර්.. සො.. සොරි.. මං මේ "

තමන් වෙතින් ඉවතට ඇවිදයන ඔහු වෙත අපහසුවෙන් කියාගත් සේවකයා දෙස ඉතිරි සේවකයින් අනුකම්පාසහගත අයුරින් බලද්දී, කළමණාකරු සිය කාමරයෙන් එළියට හිස පොවා බැලුවේය.

" උඹ ගණන් ගන්න එපා.. ඔය මනුස්සයා ඊයෙත් ඇවිත් අපේ කැඩියෙක්ට* සද්දයක් දැම්මා.. උඹ මොනාද ඒ මනුස්සයාට කිව්වෙ?"

සේවකයාගේ මිතුරෙකු ඔහු අසළට පැමිණ ඔහුගේ උරයට අත තබමින් සැනසුම් වදන් කියන්නට වූයේ ඔහු මෙතැනට ආධුනික නිසාය.

" නෑ බං.. මට මැනේජර් කියලා තිබ්බනෙ අර චැම්පියන්ශිප් එකට ෆෝම් කරපු අලුත් ගොල්ෆ් ගෲප් එකට ජොයින් වෙනවද අහන්න කියලා , අපේ ගොල්ෆ් ගහන්න එන අයගෙන්. ඒ සර් ගොල්ෆ් එක්ස්පර්ට් කියලා නේවින්දත් කිව්වා.. ඉතින් මං ඒක ඇහුවා.  ඔච්චර ඌරු ජුවල් යන්න දෙයක්‍ යැ ඒක!"

සේවකයා අමනාපයෙන් පවසද්දී නේවින්ද ඔහුගේ නම ඇසී ඒ පසට හැරුනේය.

" මේ මේ.. මං කිව්වෙ නෑ ඒක ඒ සර්ගෙන් අහන්න කියල.. මාව අල්ලන්න එපා ඕවට. ඒ සර් එහෙම කෑගහන්නෙ ඇත්තෙ උඹ අහපු විදියට වෙන්න ඇති.. "

ඊට අනෙකා සිනාසෙද්දී සිත රිදුනු සේවකයාට පක්ෂව තවකෙක් සිටගත්තේය.

" අම්මෝ ඔව් ඔව්.. මොනවත් කිව්වම මූටනෙ තදවෙන්නෙ.. මූට පත ටිප් දෙනවනෙ ඒ මනුස්සයා.."

අනෙකා නේවින්දට පැවසුවේ සෝපහාසයෙනි. සිය හිතවත් මහත්මයාට කිසිවක් කියනවාට නේවින්ද කැමති වූයේ නැත.

ඔබ දන්නව නම්Où les histoires vivent. Découvrez maintenant