30 - ගෝකුලයෙකු වූ බැවින්...

43 4 0
                                    

#ජේනුක

මට එකදු වචනයක්වත් කියාගන්නට වේලාවක් නොදුන් කළමනාකරු ඔහුගේ සීඝ්‍රගාමී දෙහි කැපිල්ලේ අවසන් විනාඩි කිහිපය අතර මදක් හති හැලුවේය. මම ඉන් ආරම්භයක් ගත්තෙමි.

" පොඩ්ඩක් ඉන්න.. දැන් ඔයා මගේ කළමනාකරුද ? නැත්තම් මෙහෙතාගේ බළල් අතක්ද?"

එකවරම මම මෙහෙතා කියූ සැනින් ඔහුගේ මුහුණ රතුම රතු පාටට හැරුනේය. නමුත් මම ඔහුගෙන් පිළිතුරක් එන්නට පෙර ඉතිරිය කියාදැම්මේ ඔහුගේ පිළිතුර කුමක් වුවත් මට අදාළ නොවන නිසාය.

"... ඔයා මගේ කළමනාකරු නම් මේ වෙලාවෙ ඉන්න ඕන මගේ පැත්තේ. මම හිතන්නෙ නෑ මගේ තාත්තා ඔයාගෙ මේ අනිත් කූට්ටාලි වැඩ දන්නවා ඇති කියලා.. එයා දන්නවා නම් ඔයා මෙහෙම ඩබල් ගේම් ගහන කෙනෙක් කියලා , කවදාවත් මාව ඔයා ගාවට එවන්නෙ නෑ"

ඉන් ඔහු ලැජ්ජාවට පත්වූවාට වඩා කෝපවූ බව පෙනෙන්නට තිබුනද ඔහු එකවරම පිලිතුරක් නොදුන්නේ කපටිකමටය.

" JK! වචන පරෙස්සමින් කතාකරන්න. මිස්ට මෙහෙතාව මේකට ඇදලා අරගෙන කතාව වෙනස් කරන්න හදන්න එපා.
හරි.. දැන් කියන්න ඔයා මේ විනය පරීක්ෂණය මඟාරින්න උත්සහ කලේ නෑ කියලද? ඒක ඇත්තක් නෙවෙයි නේ.."

" පෝල් මහත්මයා.. ඊයේ හවස මම ඒ විනය පරීක්ෂණයට සහභාගි උනා. ඇයි එයාලා ඔබව දැනුවත් කලේ නැද්ද? ආ?"

පෝල්ගේ මුහුණ ලොන්තපෝල් වන්නට ඒ වැකිය හොඳටම ප්‍රමාණවත් විය. ඔහුගේ මේ දෙබිඩි සෙල්ලම නිම කරන්නට දැන් හොඳම මොහොතයි.

" ඊයේ.. ඊයේ ඔබ හිටියේ..."

" Chrischurch වල! මම හිටියේ Chrischurch වල!! පරීක්ෂණ කමිටුවේ මගේ ප්‍රශ්න කරන එක දවස් දෙකකින් මෙහාට අරගත්තා කියලා මට දන්වන්නම පැය දහයක් ගියපු එකනෙ වැඩේ. ඒකත් කමක් නෑ.. එයාලා ඔයාට ඒක නොකිව්වේ ඔයාගෙ මොකක් හරි අවුලක් තියෙනවාද ඒ ටීම් එකත් එක්ක?"

පෝල්ගේ මුහුණ රතු පාටින් අළු පාටට හැරී සුදුමැලි වී ගියේය. ඔහු සිතාසිටියේ මේ ජේනුක මිහිඳුකුලසූරිය බියගුළු මෝඩයෙක් ලෙසටද?

පෝල්ගේත් මෙහෙතාගේත් යටිකූට්ටු වැඩ ක්‍රිකට් බලධාරීන්ට ඉව වැටී ඇති බවත් , ඒ ඔස්සේ ඔහුට යම් යම් අවවාදකිරීම් සිදුකර ඇති බවත් මට දැනගන්නට ලැබුනේ මගේ පියාගේ හොඳම මිතුරෙකු වූ ඩේමියන්ගෙනි. ඔහු මගේ පියා ජීවත්ව සිටි කාලයේ අසල්වැසියෙකු වූ අතර, ඇකඩමියේ උන් පුහුණුකරුවෙකු වූ නිසා පච්චීගේද මිතුරෙකි. මිහිඳුකුලසූරිය පවුලත් , ගෝකුල පවුලත් දෛවෝපගත ලෙස හමුවූයේද ඔහු නිසාය. මගේ පියාගේ මරණයත්, ගෝකුල පවුලට මා පැමිණීමෙනුත් පසුව මම ඔහු හා සමීපව ඇසුරු කලත් , මගේ පියාගේ මතකයන් වලට මගේ තිබුනු අකමැත්ත නිසා මම ඔහුව සැමවිටෙකම පාහේ මඟහැර ගියෙමි.

ඔබ දන්නව නම්Donde viven las historias. Descúbrelo ahora