55 - සොහොයුරෙකුගේ ධෛර්‍යය

24 2 0
                                    

කෙනත් තම දිගුකාලීන මිත්‍රයා දෙස මද වේලාවක් බලා සිටියේය. ජේකේ.. ජේකේ උඹ නම් පුදුම මනුස්සයෙක්!

ඔහු එසේ නොකිව්වද ඔහුගේ සිත නැවත නැවතත් එය ප්‍රතිරාව කල අතර, වරෙක මේ සියල්ල ප්‍රබන්ධයක් යැයි සිතන්නට වෑයම් කලේය.

සිය මිතුරා තමා දෙස බලා සිටීම ගණනකටවත් නොගන්නා පරිද්දෙන් ජේනුක සිය අසුනෙන් මිදී අත තිබුනු වොඩ්කා මිශ්‍රිත වීදුරුවෙන් උගුරක් බොමින් කවුළුවෙන් ඉවත බලාගත්තේය.

"... ඒ හෝටෙල් එක.. ඒ විදියටම.. එහෙම්මම කරගෙන යන්න නව්‍යා ආන්‍ටි කැමති උනා.. අම්මි වෙනුවෙන්.. උඹට තියෙන්නේ මෙහෙ ඉඳලා ඒකට සපෝට් එක දෙන එක විතරයි.. "

කෙනත් සුසුමක් සළා හිස දෙපසට වැනුවේ එකඟත්වය දක්වන්නට මෙන් වුවත්, ජේනුක ඒ ගැන තැකීමක් කලේ නැත. එබැවින් කෙනත් හඬ අවදි කලේය.

" පෑසුකුහ්ඩාහ් ( පාසිකුඩා) ලස්සනයි බං මං දැක්ක පින්තූර වල මාර ලස්සන මුහුදු වෙරළක් තියෙනවා. මං අපේ ප්‍රවර්ධන කණ්ඩායමට ( marketing team) කියලා හොඳ ප්‍රචාරයක් දෙන්නම්.."

ජේනුක ආපසු හැරුනේය.

" හොටෙල් එක ලාබ ඉපයුවෙ නැති උනාට මට කමක් නෑ. උඹලා පාඩු කරගන්නෙ නැතුව කරන දෙයක්. එකම දේ ඊළඟ අවුරුද්දේ චාරු එක්ක මට එහෙ ගිහින් කලින් විදියටම සතියක් ඉන්න පුලුවන් වෙන්න ඕන.. එච්චරයි "

කෙනත්ට සිනාවක් නැඟුනද එය මදකින් වියැකී ගියේය. ඔහු යමක් කියන්නට මුව විවර කලත් නිවස තුලින් ආ කැස්සක ශබ්දයක් සමඟ ජේනුක කලබලයෙන් ඒ දෙසට ඇවිද ගිය නිසා එය වැලකී ගියේය.

" ඇයි මට කතාකලේ නැත්තෙ?"

නිවස තුලින් ඇසුනේ ජේනුකගේ අමනාපය මුසුවූ කටහඬය. ඊට අනෙක් පුද්ගලයා දුන් පිලිතුර නෑසුනත් නැවත ජේනුකගේ හඬ නැඟී ආවේය.

".. නෑ නෑ.. බොන්නෙ නෑ.. මගේ යාළුවෙක් ඇවිත් ඌ එක්ක පොඩ්ඩක් කතා කලා විතරයි. චෙප්.. ඊ.. කට ඉඹින්නෙ මම කසිප්පු බිව්වෙ නෑ හලෝ.. දැන් නිදාගන්න මම එන්නම්"

" මට ( පැහැදිලි නැත) ඕනෙ.. ( පැහැදිලි නැත) පුලුවන් "

" ඔයා එයාව දන්නෙ නෑ අනේ.. යන්න අප්පා කරදර නොකර ඌ දැන් යයි.. ජෙට් ලැග් එකට මට නම් තාමත් අමාරුයි.."

ඔබ දන්නව නම්Where stories live. Discover now