#ජේනුක
" ඔව් මට තේරෙනවා අය්යා.. ඒත්.."
මම තටමන්නට වීමි. අකිත් අය්යා තුන්වන වරටද සුසුමක් හෙලනු මට ඇසුනි.
" මේව ඔයාගෙ බිස්නස් මල්ලි. මං කැමතියි ඔයත් මේ වැඩේට ඉන්වොල්ව්( මැදිහත්) වෙනවට. මිහිඳුකුලසූරිය අංකල්ගෙ දේවල් ඔයාට දැන් අයිතියි. ඩිග්රි එක ඉවර උනාම මේ දේවල් බලාගන්න ඔයාට දැනුමක් තියෙන්නෙ එපැයි.. මම කියන්නෙ ෆුල් ටයිම් නෙවෙයි. ඉඳලා හිටලා හරි අපේ මීටින් වලට ජොයින්(සම්බන්ධ) වෙන්න කියලා "
අකිත් අය්යා එලෙස පවසන්නේ ඇයිදැයි මට අමුත්තක් නොවුනේ මීට වසර ගණනාවකට පෙර ඔහු විසින් මට කියා ඇති දෙයක් නැවත නැවතත් සිහි කැඳවීමක් නිසාය.
"... ඊටත් මට අපේ ඩඩාගෙ ඒවට ටිකක් වැඩි වේට් එකක් ( බරක්) දාන්න වෙයි මල්ලි. මේ ගවර්න්මන්ට් ටැක්ස් එක්ක එක්ස්පෝට් කිරිල්ල ලේසි නෑ.. "
ඔහු නැවතත් මතක් කර සිටියේ ඒ කාරණයයි. ඔහුගේ පියාගේ ඉස්සන් වගාව ඔහු විසින් ඉතා වේගයෙන් දියුණුකොට තිබුනේ ඉස්සන් අපනයනය කරන තරමටය.
මගේ පියා විසින් ගොඩනඟනලද ඉදිකිරීම් ව්‍යාපාරය අකිත් අය්යා විසින් පාලනයට පවරා තිබුනේ එය ලංකාවේ සිට ඉතා උවමනාවෙන් කලයුතු ව්‍යාපාරයක් බැවිනි. අයිතිය මගේ වුවත් ඔහු ඉහළ පුටුවල සිටිනා දක්ෂ කිහිපදෙනෙක් සමඟ එය තවත් දියුණුකොට තිබුනේ දේපළ වෙළඳාම්ද ආරම්භ කරමිනි.
ඔහු මේ මතක් කොට සිටින්නේ ඔහුට මා පොරොන්දු වූ පරිදි ව්‍යාපාර වැඩ වලට සහභාහි විය යුතු බවයි.
එසේ වනවානම් මම ලංකාවට යාම අවශ්‍ය කාරණාවක් වනු ඇත. වයස දහ අටේදී මට අයිතිය ලැබුනු සැනින් නවසීලන්තයේ පිහිටි මගේ පියාගේ දේපල සියල්ලම මම විකුණා ඒ මුදල් මගේ නැන්දා ; පියාගේ අක්කාට ලබාදුන්නේ පියා මියයන්නට පෙර සිටි ඒ නිවස මගේ මතකයෙන් මකා දමන්නට මෙනි. නමුත් ලංකාවේ ඒ වනවිටත් පච්චීගේ හොඳම මිතුරෙකු වූ හිමාල් අංකල්ගේ පුතු ; අකිත් , විසින් බලාගත් ව්‍යාපාරය එසේම තිබින.
මෙවර නම් මට ඔහුගෙන් ගැලවීමක් වූයේ නැත.
ඇමතුම අවසානයේ ඔහු මගෙන් ඊට කුමක් හෝ දෙයක් කරන්නට එකඟ වන පොරොන්දුවක් ගත්තේ බලෙන් මෙනි.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...