#ජේනුක
".. එපාහ්.. නපුරාහ්.. "
තද උණ ඇති ඒ නළල මත තැබූ මගේ අත කෝපයෙන් ගසා දමමින් ඈ මට ගොරවද්දී මම එය ගණනකට නොගෙන නැවතත් වතුර පෙඟූ ලේන්සුව ගෙන අනෙක් අතින් ඇගේ දෑත් තදකොට අල්ලා ගත්තේ, සීතල ලේන්සුව ඇඟේ ගැටෙද්දී මේ හෝන්තුව මට පහරදෙන බව දන්නා බැවිනි.
ලෙඩ වූ විට ඈ තරම් 'ඩ්‍රාමා ක්වීන්' කෙනෙක් ගෝකුල නිවසේ නොමැති බව මම අත්දැකීමෙන් දනිමි. ඊටත් ඈ සිටින්නේ මා සමඟ අමනාපයෙනි. උණ උත්සන්න වීම හේතුවෙන් මද අවසිහියෙන් කෙනත් ගේ කාමරයේ අඩ නිරුවතින් වැටී සිටි ඈ දැකීමෙන් මගේ හදවත කෙතරම් වේදනාවෙන් මොරදුන්නේදැයි මටම සිතාගත නොහැකිය.
ඈ මෙලෙස තනිකොට යාම ගැන මම නැවතත් මගේ සිතට දොස් නඟමින් ඈ මගේ සිරුරට සිර කරගෙන ගෙලත්, නළලත්, අත් යටත් තෙත් මාත්තු කලේ මද වේලාවකින් ඈ ගුස්ති ඇල්ලීම නතරකල බැවිනි.
මැලවුනු ඇගේ වත මත ඇඳී ඇති වේදනාවට වඩා මම සිටියේ වරදකාරී බවකිනි.
" මොන මගුලකටද උඹ බෙහෙත් දාලා තිබ්බ එක ගෙනිච්චෙ?"
මහ රෑ එකට පමණ නිවස පෙරලමින් පැරසිටමෝල් සෙවූ මම නිදිමරගාතේ දුරකතනයට පිලිතුරු දුන් කෙනෙත් අමතා ගුගුරා හැලුනෙමි.
" මම බේත් පෙට්ටියේ සත්තු වගයක් ඉඳලා ඊයෙනෙ බං අයින් කලේ! මොකද උඹ ඒපාර මාව කන්න හදන්නෙ? ඇයි කෙල්ලට සනීප නැද්ද?
(සිනාසෙමින්) උඹ මොකක්ද ඒ ටිකට ඒකිට උණ හැදෙන්න කලේ?"මම ගොළුවෙකු සේ ඇමතුම විසන්ධි කොට , දුරකතනය ඇඳ මතට ගසාදමා කරබාගත්තේ කෙනත් ගැන අනවරත කෝපයක් පෙන්වමිනි. මෙතැන කුමක් හෝ කලබලයක් ඇති බව තේරුම් ගත් ඔහු මද වේලාවකින් නැවත මා අමතා සිටියේ විහිලු අමතක කරමිනි.
" ඉඳපං මං පැරසිටමෝල් ටිකක් අරගෙන එන්නම්. අද අම්මා ගෙදර නෑ. ඩේවිඩ් ඉන්නවා"
ඩේවිඩ් යනු ඔහුගේ සුළුපියා වූ අතර ඔහු වෘත්තීයෙන් වෛද්‍යවරයෙකු වූ නිසා මගේ සිතට සහනයක් දැනුනි. ළඟපාත බෙහෙත් ගන්නට තැනක් නොවූ නිසා මම සූදානම් වූයේ තරුකි රැගෙන රෝහලකට යන්නට මුත් කෙනත් ඊට අකමැති වූයේ ඉන් ඇගේ දෙමවුපියන් කලබල වනු ඇතැයි කියමිනි.
![](https://img.wattpad.com/cover/341255565-288-k937972.jpg)
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...