45 - අයිතිය සමඟ කල සටනක අයිති නැති කොටස

61 4 0
                                    

❗️❗️❗️❗️❗️❗️❗️
🔞 Disclaimer / අවවාදයයි
මෙහි වයස 18 වැඩි පාඨකයින් සඳහා වඩාත් සුදුසු කොටස් අඩංගු වන බැවින් , ගැන සැලකිලිමත් වන්න. අවශ්‍යම කොටස් සංශෝධන සහිතව ලියා ඇති බැවින් ගැටළුසහගත අය කොටස් මඟහැරියාට බලපෑමක් නොවනු ඇත. ❗️❗️❗️❗️❗️

ජීවිතයේ එක්කාසුවන අමතක නොවන ආනන්දජනක මෙන්ම වේදනාකාරීම මතකයන් අපට ලැබෙන්නේ , එකිනෙකා සමඟ ඇති සබඳතාවයන් වලිනි.

සධානා දික්කුඹුර ඒ මොහොතේ සිය සබඳතාවයන් අතරින් බොහෝ සංකීර්ණම සබඳතාවය පසෙකලා හැඟීම් සමඟ පොරබදමින්, තමා ඉදිරියේ මාරාවේසයෙන් මෙන් සිටිනා ඒ රුව දෙස එක එල්ලේ බලා සිටියාය.

ඔරවාගත් මුහුණ ඈ වෙතින් ඉවතට හරවාගත් සැනින් ජේනුක සිය මේසයේ කොනක ඇති පැකට්ටුවෙන් දුම්වැටියක් ඇදගත්තද, සැනෙකින් යමක් සිහිවූවා සේ එය ආපසු දැමුවේය.

තත්පර හතරක නිහඬතාවයක් ඔවුන් දෙදෙනා අතර පැවතියේ උණුසුම් වාදය ආරම්භයට පෙර මෙනි.

" මට ඒ ගැන කිසිම සැකයක් නෑ ජේකේ. මම අහන්නෙ අනිත් දේවල් ගැන"

ජේනුක තියුනු බැල්මකින් ඔරවාගෙනම සිය වම් අත මිට මොලවා ගත්තේ දුම්වැටියක තදබල අවශ්‍යතාවය දරාගන්නට මෙනි. ඔහුට මෙතැනින් පලාගොස් තනිව සිටින්නට අවශ්‍ය වුවත්, එය කළ නොහැකිය. මේ ගැහැණියගෙන් ගැලවීම නම් කල නොහැක්කකි!

" සධානා.. මේහ්! ආවා නම් වැඩේ ඉවර නම්.. යනව යන්න වාත නොවී.."

" නෑ.. මං ආපු වැඩේ ඉවර නෑ.. මං ආවෙ ඔයාට මෙන්න මේ ටිකත් කියලා යන්න තමයි.."

සධානා හුස්මක් අල්ලා සිය අසුනෙන් නැඟී සිටි නිසා ජේනුක ඇගෙන් ඇස් මුදවාගෙන ඈට පසුපස හරවා සිටගත්තේ හදවතින් ගිඩි ගිඩි ගාමිනි. ඔහුගේ අනුමානය නිවැරදි විය. සධානා දික්කුඹුර ඔහුට වඩා මෙවරත් දක්ෂ ( smart) වූවාය.

"... ආයෙ යන්නෙ නෑ ඔයා ඒ ගෑණි ඉන්න පැත්ත පලාතක.. ! ගියොත් මම ඔක්කොම කියනවා.. "

ඔබ දන්නව නම්Where stories live. Discover now