06 - ජීවිතේ වෙනස්කල මොහොතක..

105 11 0
                                    

#තරුකි

සිහින් වූ දෙනෙත් වලින් සිය මැඩගත් විශ්මය ; කෝපය හා ආවේගය සමඟ පච්චී නිවිහැනහිල්ලේ අභිමන්යු පටේල් දෙස බලා සිටියදී, මම ගිනි පිටවෙන දෑසින් අභිමන්යුට ඇති පදමට රැව්වේ, වෙන කරන්නට දෙයක් නොමැතිකමිනි. අම්මා පෙනෙන්නට නැත.

".. කොහොමත් අංකල් මම අපේ නංගිට උනත් කියලා තියෙන්නේ මං නැතුව කොහේවත් යන්න හිතන්නවත් එපා කියලා. අපේ මව්‍ රට වගේ මෙහෙ නැති හින්දා එයාගෙ වගකීමත් තියෙන්නෙ මට.. "

අභිමන්යු ඔහුගේ සුපුරුදු 'පොර ටෝක්' හඬින් පැවසුවේ ඔහු මේ පත්තුකල බෝම්බයට මට ඒ හොම්බට අනින්නට අත මිට මෙලවෙද්දීය.

' යැයි යැයි යැයි තමයි කොස්කොල හිපාටුවා!'

මම සිටියේ සෝෆාවේ උන් පච්චීට පිටුපසින් නිසා මගේ දත්කූරු කෑම ඔහු එකවරම නොදකින්නට ඇත. නමුත් වරින්වර මගේ දෙස දෑස් යොමමින් උන් ඔහුට නොපෙනෙන්නට මම එය අසීරුවෙන් සඟවා ගන්නට උත්සහ කරමිනි.

" ගොඩක් ස්තූතියි පුතා අපේ දුවට උදව් කලාට. ඔයා නැති උනානම් ඔයිට වඩා හානියක් වෙන්න තිබ්බා.
හ්ම්ම්ම් හ්ම්ම්ම් එහෙනම් ඔයාම කතාකරන්නකො ( මගේ හිසේ සිට දෙපතුලටම හොඳට රවමින්) මට කෝල් එකක් ගන්න තියෙනවා "

පච්චී එසේ කියමින් සාලයෙන් පිටව යද්දී මම සිටියේ හොර බැළලියක සේ බිම බලාගෙනය. මූට වෙඩි තැබුවද හිත් වදින්නේ නැත.

' ගොං බූරුවා! ආව මෙතන මාව බේරගත්ත හැටි කියන්න. මගුල තමයි.. දෙන්ඩ හිතෙනවා හොම්බ රිවෙට් වෙන්න'

එසේ සිතමින් මම , මට හැකි උපරිම ව්‍යාජ හිනාවෙන් මුහුණ සරසා ගත්තේ මේ මෝඩයා කල හානිය තවත් වැඩිකර ගන්නට අවශ්‍ය නැති නිසාය.

" හේ රුකී.. ඔයාගෙ අත කොහොමද? "

" හොඳයි !"

" ඊයෙ ඉස්කෝලේ ආවෙ නැති හින්දා මම හිතුවා අමාරු වෙලාද කියලා... අංකල් අවුලක් නෑ මම කිව්වෙ වෙන සෙට් එකක් ඔයාට ඇටෑක් කලා කියලා...  ඒකට කමක් නෑ ඔයා මට ඒකට පස්සෙ ස්තූති කරන්න.. මම මේ ආවේ.."

ඔහු තටමන්නේ නම් හොඳකට විය නොහැකිය.

".. මං අංකල්ටත් කිව්වා.. හෙට අපේ කණ්ඩායමක් මේ සති අන්තේ පිළිකා රෝහලේ ළමයින්ගේ කොටසේ පොඩි වැඩටහනක් කරනවා. ඒකට ඔයාටත් එන්න පුළුවන්ද අහන්න.. අංකල් නම් හා කිව්වා"

ඔබ දන්නව නම්Where stories live. Discover now