37 - නොවිය යුතු හමුවීම්

49 3 0
                                    

#ජේනුක

' ..ඔව් මේක සුවිශේෂී දිනයක්. අතිශයින්ම සුවිශේෂී දිනයක්.. මීට අවුරුදු විස්සකට විතර කලින් අපේ රටට අහිමි වුනු ක්‍රිකට් තරුවක් තමයි අද මේ ක්‍රීඩාංගණයට නැවතත් පැමිණිලා තියෙන්නේ.. ඕ.. මට නම් හරිම පුදුමයි ක්‍රීඩා ලෝලී මිතුරු මිතුරියනි.. අපි මේ දකින්නේ ලංකාවේ හිටපු ක්‍රිකට් තරුව රශිඳු ගෝකුලමද කියලා.. '

ඒ වනවිට රූපවාහිනී තිරය නරඹමින් උන් අකිත් අය්යා විසින් විස්තර කථනය කරනා ඒ කොටස සිය රූපවාහිනියෙන් පටිගතකොට පසුව මට එවූ අතර, ඒ වචන මට කිසිදා අමතක නොවන්නේ බොහෝ වාරයක් එය නැරඹූ නිසාමය.

නැත! ඒ පච්චී නිසාම නොවේ. කැමරා කාචයේ සටහන් වූයේ පච්චීගේ රුව වුවත් , කථකයා කතා කලේ ඔහු ගැන වූවත් මගේ දෙනෙත් වලට හසුවූයේ එය නොවේ. මීට කලකට ඉහත දැවැන්ත තරුවක්ව උන් රශිඳු ගෝකුල අසළින්ම සිටගෙන උන් , තරු ඇස් ඇති ඒ කුඩා කැරළි කොණ්ඩකාරිය මා අනපේක්ෂිතව කම්පනයට පත්කොට තිබින. නොවේ.. ඈ අසළම හිඳ ඇගේ උරය හරහා සිය අත යවා ඈ තමාගේ සිරුරට බර කරගෙන උන් ඒ පිරිමියා දැකීමෙන් හදවත සත් කඩකට පැලී ගියේය.

සැනෙකින් තිරයෙන් ගත් මගේ දෙනෙත් මා දෙස බලාගෙන උන් ඇගේ දෙනෙත් හා ඊළඟ මිලි තත්පරයේ ලොක් වී ගියේය. වොට් දහස් ගණනාවක විදුලි සැරයක් මගේ හදවත පණගන්වන්නට යොදවන අතරේ ඈ මගෙන් දෑස් ඉවතට ගෙන දෙවුරෙන් ඈ අල්ලා ගත් නේතන් වෙත රැඳුනි. විසල් රූපවාහිනී තිරයෙන් මම දෑස් බලෙන්ම ගලවා ගත්තේ ඒ දසුන මා තුල කුමක් හෝ යක්ෂයෙක් අවදි කරමින් සිටිනා බව දැනීමෙනි. ඔවුන් එකිනෙකා හා සිනාසුනාද කියා මට නොපෙනුන මුත් මගේ සිරුරම වෙව්ලා යන්නා සේ මට දැනුණි.

".. උඹට මහන්සිද? "

මගේ වෙනස්වීම දුටු සැනින් විලසන් මගේ අසළට පැමිණ විමසුවේ මම මගේ අතින් ගිලිහුණ අත් වැසුමත් , හිස් වැසුමත් අහුලා ගනිද්දීය.

මම 'නැත' කියන්නට හිස දෙපසට වැනුවා පමණකි. ඊළඟ පන්දුවට පහර දෙන්නට මම පිටියේ නියමිත ස්ථානයට ගොස් එක මොහොතකට ඒ දෙස බැලූ පමාවට පච්චී මට අත ඔසවා මහපට ඇඟිල්ල ඔසවා දැක්වූ සැනින් මගේ හුස්ම මම ඔසවා ගත්තෙමි.

ඔබ දන්නව නම්Where stories live. Discover now