52 - අළුත් කතාවක ආරම්භයක්

53 2 1
                                    

අහිමිවීම්..
අහිමිවීම් වලින් හඟවන්නේ ඔබට හිමි යමක් තිබූ බවය.

එතෙක් වේලාවක් බිමට නමාගෙන උන් මුහුණ සෙමෙන් එසවූ ජේනුකට තමාට ඉඳුරාම ඉදිරියේ සිට තමන් දෙස බලා සිටිනා දෙනෙතින් ගැලවීම පහසු වූයේ නැත. ඔහු තමන්ගේ වේගවත් වන හුස්ම සමඟ ඒ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේ අභියෝගාත්මක ලෙස නොවන බව අනෙක් දෙනෙත් සැනෙකින් හඳුනා ගත්තේය.

ඔවුහු එතරම්ම එකිනෙකාට සමීපව උන් අය වූහ.

ඒ සමඟම ඔහු අසළට ආ අයෙක් ඔහුට මදක් බාධා කරද්දී ඔහු ඒ තැනැත්තාට යමක් කියා සෙමෙන් නැඟී සිටියේය. එසේ නැඟී සිටියේ තමා වෙතට එන්නට බව ජේනුක ඉවෙන් මෙන් තේරුම් ගත්තේය. ඒ තීරණාත්මක හමුවෙන් වසර ගණනාවකට පසුව , ඊට වෙනස්ම ලෙසකින් සූදානම් වෙමින් ඔහුත් සිය අසුනින් නැඟී සිටියේය.

" පච්චි.. අපි යමු.."

ජේනුක වෙතට ඇවිද එමින් උන් රශිඳු ගෝකුල හරස්කොට සිටගත් හිරුක ඔහුගේ බඳෙන් අල්ලා බදාගෙන මෙන් නතර කලේ ජේනුකට පිටුපාමිනි. හිස එසවූ රශිඳුට එක මොහොතකට නැවතත් ජේනුක සමඟ තත්පර දෙකකට දෑස් යාවී ගියේය.

' ඒ ඇස්! '

ජේනුකගේ හදවත මොහොතකට පිය සෙනෙහසින් පෙඟී ගියද අසුරු සැනෙකින් පැරණි මතකයක වියරු හඬක් දෙසවන් අසළින් ගිගිරුම් කෑවේය.

'.. බල්ලගෙ පුතා බල්ලෙක්ම තමයි!'

ඒ සැනින් ජේනුක දෑස් ඉවත් කරගත්තද, රශිඳු ඔහු දෙස තවත් තත්පර දෙකක් බලා උන්නේය. අනතුරුව ඔහු හිරුක දෙස බලා නැඟූ සිනාවට හිරුකට ඉබේටම රශිඳුව අතහැරුනේය.

" ..පච්චි එනකල් මම මෙතන ඉන්නද?"

" එපා.. මම විනාඩි පහෙන් එනවා. උඹ අර හු&&ගෙ පුතාට ආයෙත් කතාකරපං"

ඒ කියන්නේ කවුරුන් ගැනද කියා හිරුක දන්නේය. උදෑසන සිටම දෙන ඇමතුමට පිලිතුරක් නොදී සිටිනවා මෙන්ම, සිය නිවුන් සොහොයුරියගේ දුරකතනය ක්‍රියාවිරහිත වීම ගැන ඇතිවූ චකිතය සිය පියාගේ ආතතිය වැඩිකොට ඇති බව හිරුක කල්පනා කලේය.

කරදර එනවිට එන්නේ එකා පිට එකා වැටෙන්නටය. නේහා ආන්ටිගේ මරණය ගෝකුල පවුල වෙත ඇතිකල මානසික පීඩනය මෙතකැයි කියන්නට නොහැකිය. ඈ තමන්ගේ පවුලේම අයෙක් මෙන් සිටි අයෙකි. ඇගේ සැමියා ඩිමෙන්ශියා රෝගයෙන් පෙලෙන නිසා සිය බිරිඳගේ මරණය ගැන වගක්වත් ඇත්තේ නැත. එබැවින් හදිසි වකුගඩු ආබාධයකින් සහ ආසාදනයකින් අසාධ්‍යව උන් නේහා ආන්ටි වටා සිටියේ ගෝකුල පවුලය. වඩාත්ම රශිඳු ගෝකුලය.

ඔබ දන්නව නම්Donde viven las historias. Descúbrelo ahora