02 - ඈ ආයෙමත් ඇවිදින්

120 7 0
                                    

#තරුකි ගෝකුල

එය අතිශය වේදනාකාරී විය.

නැත. එය නම් අතේ වූ කැපුම නොවේ. අතේ කැපුම එතරම් භයානක නොවූවද හිත තුල ඇතිවුනු දැවිල්ල විසින් මා උමතු කරවන්නට තරම් සමත් විය.

අභිමන්යු හෙවත් අභී වෙතින් මා බාරගත් මොහොතේ ඔහුගේ මුහුණ මට විස්තර කළ නොහැකි තරමට සංකීර්ණ බවක් ඉසිලුවේය.

සති අටකට පසුව ඔහු දකිනතුරු මම උන් තත්වය ගැන මේ මෝඩයාට වගක්වත් නැති හැටි!!?

මාව අල්ලා වාහනයේ ඉදිරිපස අසුනට තදකොට සැනෙකින් ආසන පටිය පැළඳූ මොහොතේ පටන් මේ වනතුරු ඔහු කිසිදු වචනයක් කතා නොකිරීම මා අතිශය වේදනාවට පත්කොට තිබින.

' වෙලාවට නිතී කිව්වේ මෙයා අර විරුද්ධ පැත්තේ දොරෙන් එන්නේ කියලා. මම නොයන්න උන් ටික..'

මීට පැය බාගයකට පෙර අභීගේ මුවින් ඉතිරිය පිටවන්නට පෙර ඒ ඇස් මා දවා හළු කරන බැල්මක් සමඟ දකුණු අතේ ඉහළට වන්නට මිරිකා අල්ලා, අභී වෙතින් ඔහු වෙත ඇදගත්තේ වදන් අවහිර කරවමිනි.
උදුරාගෙන මෙන් වේගවත් ලෙස මගේ කැපුනු අත පිරික්සූ ඔහු, නැවත මට ඔරවා, ස්තූතිපූර්වක බැල්මක් අභිමන්යු වෙත පාකොට හැරියේ නිත්‍යා ඇතුළු 'ඉන්දියන් කඩේ' කණ්ඩායම බියගන්වමිනි. ඉන්දියන් නඩය ඔහුට බිය වන්නට හේතුවූ කාරණා වෙනම පොතක් ලිවිය හැකිය.

කෙටියෙන් කිවහොත් එතන කොල්ලන් දෙදෙනෙකුගේ හොම්බට ඔහු මීටපෙර ඇන තිබේ. ඒවා ඉතින් දන්නේ අප කිහිපදෙනෙක් පමණකි. මගේ සොහොයුරා හිරුක මෙන් නොව, ඔහුගේ ගුටි ඇනගැනීම් නිවසට ආරංචි වන්නේම නැති තරමකි.

' ස්තූතියි අභී.. තුවාලෙ ගැඹුරු නෑ. අපි යන්නම්'

අභිමන්යු මුව විවර කරගෙන බලා සිටියේ ඔහු සමඟ එතරම් සුහදව කල කතාබහ නිසා වන්නට ඇත. සමස්ථයක් ලෙස ගත්කල ඔවුන්ගේ කණ්ඩායම සිටියේ 'මෙතන මොකද වෙන්නේ' යන හැඟීමෙන් බව මට වැටහුණි.

නිවසට එන අතරමගදී කෑම ගන්නටත්, තුවාල වලට දමනා බෙහෙත් ගන්නටත් දෙවරක් වාහනය නතර කලද එකදු බැල්මක් මා වෙත පා නොකරන්නට තරම් ඔහු පරෙස්සම් විය.

ඔබ දන්නව නම්Where stories live. Discover now