#තරුකි
' අපිට කවදාවත් කෙනෙක් සම්පූර්ණයෙන් අමතක වෙනවාද?'
'නෑ'
'එහෙනම්?'
' අපි ඔවුන් නොමැතිව ජීවත් වීමට හුරුවෙනවා විතරයි '
ඔව්! ජේනුක මිහිඳුකුලසූරිය නොමැතිව ජීවත් වීමට මම හුරුවෙමින් සිටියෙමි. එබැවින් මම ඔහුව අල්ලාගෙන සිටි හදවතට තරවටු කරමින් සිටියදී මගේ දෙපා අභියස නතරවුනු නේතන්ගේ ක්ලැසික් වාහනය දෙස මද වේලාවක් බලා සිටියද, මගේ දෙපා බිමට ඇලී තිබිණ. රථය නතරකල ඔහු රියදුරු අසුනෙන් බිමට බැස මා වෙත ඇවිද ආවේ ඔහුගේ ඒ ආකර්ෂණීය සිනාවද සමඟිනි.
ඔහුගේ ඉත්තෑකූරු කොණ්ඩයත්, අඩවන් දෙනෙතත් , සැහැල්ලු කළුපාට ඇඳුමත් විසින් ඔහුව ඉතාලි ජාතික නළුවෙකු මෙන් පෙනීමට හේතුවක් වන්නට ඇත. ඇත්තටම ඔහු කඩවසම්!
මා දෙසට එතැන උන් සිසු සිසුවියන්ගේ අවධානය යොමුවෙමින් පැවතියේ ඇයිදැයි දනිතත් නේතන් මට බලකොට කියා සිටියේ මෙතැන සිටිනා ලෙසයි. දහවල් ඔහුගේ සිතුවම් දැක්ම රූපවාහිනියේ පලවූ බව මට දෙතුන් දෙනෙක් පැවසුවත් , දැන්වීම් පුවරුවේ වූ ඒ පුවත ඉතා ඉක්මනින් පැතිර ගොස් තිබුනේ නේතන් ස්පෙන්සර් කෙල්ලන් අතර ජනප්‍රිය කඩවසම් ගුරුවරයෙකු වූ නිසාය.
නේතන් මා අසළින්ම සිටගෙන මගේ මුහුණට එබුනේ සිනාව අවසානයේ කට කොනක් ඉහළට යන්නට හරිමිනි. එය ඔහුටම ආවේනික කඩවසම් වූ ක්‍රියාවක් බව මම දැන් දනිමි. මගේ කොපුල් රතු වූවාද?
" තරූ.. සොරි මම පරක්කු උනාද? හ්ම්ම්? නඟින්න වාහනේට "
ඔහු මට සුපුරුදු පරිදි ඉදිරි දොර විවෘත කරද්දී මම වෙනදාට වඩා දැනුනු අමුත්ත නිසා සිටගෙන සිටියේ බිමට නැඹුරුව ගිය හිසිනි. නේතන් මගේ වමත ගෙන ඔහුගේ දෙතොලට තද කරද්දී මම එය වහා ඇදගත්තෙමි. ඔහුට ඊට සිනා නැඟුනි.
".. පිස්සු කෙල්ල... කම්මුල් රෝස පාට කරගෙන ඇඹරෙන්න එපා දැන් මෙතන.. කෝ නඟින්න"
මම විවර කල දොරෙන් වාහනට තුලට නැඟ හිඳගත් පසුව ඔහු දොර වසා දමා අනෙක් පසින් රියදුරු අසුනට නඟිනා තුරුම බිම බලාගෙන උන්නෙමි. මට මේ සියල්ල ආගන්තුකය. මේ දැනෙනා හැඟීම ප්‍රේමය දැයි මම නොදැන සිටියද කුමක් හෝ හේතුවක් නිසා මගේ උදරය තුල දැවිල්ලක් හා සමනළුන් පියාඹනවාක් වැනි හැඟීමක් ඇතිවී තිබේ.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...