19 - ආදර අවනඩු සමඟ වෙන්වීමක්

45 4 0
                                    

#තරුකි

මා දුටුවනම වේගයෙන් පාද තබමින් මා වෙතම පැමිණි නේතන් සිය විශ්මය පෙන්වන මුහුණෙන්ම මා බදාගත්තේ කීප දෙනෙක්ගේම අවධානය අප වෙත යොමුකරමින් වුවත් රතු වනවා හැරුණුවිට මට ඒ ගැන කලහැකි යමක් නොවීය.

" ඕහ්.. තරූ.. මං කීයටවත් හිතුවෙ නෑ ඔයා අද එයි කියලා... මම මේ දකින්නෙ හීනයක්ද කියලා හිතෙනවා..."

මා ඔහුගේ ලයට තද කරගනිමින් කියද්දී ඇතුලාන්තයෙන් එන කෙඳිරියක් මා තුලම මියගොස් නැඟන වේදනාවක් පමණක් මට දැනුණි.

" නේතන්! මෙතන මේ මිනිස්සුත් බලනවා.. ඇති ඇති"

නමුත් ප්‍රීතියෙන් උතුරාගොස් උන් ඔහු මගේ කම්මුලක් සිපගත්තේ මා සිතන්නටත් පෙරය.

" ඒකට මොකද උන්ට පේන්නත් එක්ක තමයි.. අද ඉවෙන්ට් එකේ chief guest ( ප්‍රධාන අමුත්තිය) දැන් ආපු බව හැමෝටම දැනෙන්න එපැයි.. "

ඔහු එතරම් උද්දාමයෙන් සිටියේ ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය නිසාද , එයට මා පැමිණි නිසාද යන්න මට හරිහැටි තවමත් විශ්වාස නැත. නමුත් මේ පිලිගැනීම පමණට වඩා වැඩි බව සිතමින් මෙහි එන්නට ක්‍රිස්ටිනා නොවීම ගැන මම නැවත වරක් දුක් වූයෙමි.

' එන්න කිව්වනම් ටිකක් ගිහිල්ල බලනව හලෝ.. ඌ පේන තරම් යකෙක් නෙවෙයි වගේ. අනික උඹ සිංගල්.. අර මෝඩයාට පිං සිද්දවෙන්න.. හෙහ්.. චුට්ටක් කොල්ලෙක් දෙන්නෙක් ආශ්‍රය කරලා බැලුවට කෑල්ලක් ගැලවෙන්නෙ නෑනෙ'

' ඒ උනාට ටීනා.. නේතන් හරි ගුප්තයි. එයාගෙ දෙමවුපියන් ගැන මම දන්නෙත් නෑ. '

' දඤ්ඤ්හෑ.. දඤ්ඤ්හෑ.. ගගා ඉන්නෙ අහනවකො.. ඇප්පෝ.. මොකෙක්ද හලෝ තමුසෙ සම්පූර්ණයෙන් JK ගෙ සීසීටීවී කැමරා වල ඉඳලම කුරුවල් වෙලා'

මෙහි එන්නට පෙර මගේත් ක්‍රිස්ටිනාගේත් අතර සිදුවූ දුරකතන සංවාදය සිහිවීමෙන් මටම සුසුමක් නැඟුනි.

ඇත්තටම මට සිදුවී ඇති දෙය එය වන්නට ඇත. ජේනුක මිහිඳුකුලසූරිය විසින් මගේ ලෝකය බදාගෙන තිබෙන්නට ඇත. පාසලේ කොල්ලන්ගේ ඇසක් මට වැටුනු සැනින්
'ඌ එක්ක කතා එපා'
' යන්නෙ එහෙම නෑ හෑයි හූයි ගාගෙන ඌ මහ එපාකරපු එකෙක්'
' අර හිරුක එක්ක යනවා මීටපස්සෙ එතනට'

ඔබ දන්නව නම්Donde viven las historias. Descúbrelo ahora