22 - ප්‍රේමයත් එක්තරා අනතුරකි

45 4 2
                                    

#ජේනුක

තමන්ගේ අයිතියක් කියා හැඟෙන දෙයක් වෙනත් කෙනෙකු අතහි තිබීම ඉවසීම ගැන සාමාන්‍ය මිනිසෙකුට තේරුම්ගත හැකිය. නමුත්.. තරුකි ගෝකුල ඊට හාත්පසින්ම වෙනස් වර්ගයේ හැඟීමකි.

ඒ තිරිසන් බූරුවාගේ නිවස ඉදිරියේ සිටගෙන සිටින මට , ගේට්ටුවත් නිවසත් අතර ඇති කෙටි දුර හේතුවෙන් නිවසේ ආලින්දය පෙනුනි. මදක් මෑත්වූ ජනෙල් තිර අතුරින් , මම ඉතා ගැඹුරින් සිපගත් දෙතොල් මත සිය හැඟීම් මුදාහරින ඔහු දැකීම මගේ සියළු ඉවසීම් සීමාවන් වලින් කඩාගෙන පුපුරා හැලුනේය.

මගේ දර්ශනයෙන් ඈ පළමුව විශ්මයට පත් වු බව මට හොඳින්ම පෙනුන මුත් සැනෙකින් ඈ සාලයේ ජනේලය අසළින් අතුරුදහන්ව , එම නිවසේ ප්‍රධාන දොරටුව අභියස සිටගෙන සිටියදී තිබුනු හැඟීම මට කියවාගන්නට නොහැකි සංකීර්ණ විය.

බොහෝ දිනකට පසුව අපගේ දෑස් එකිනෙකා හා ලොක් වී තත්පර කිහිපයක් යද්දී අවට ඇති සියළුම ශබ්ද වලින් දෙදෙනාගේ හුස්මේ හඬ පමණක් වෙන්ව ඇසෙනවාක් මෙන් දැනුනි.

එපමණකි!

තරුකි ගෝකුල පසුපසින් නිරුවත් උඩුකයින් යුතුව අර ගොබිලා සිටගත්තේ ඈ තමන්ට තුරුළු කරගනිමිනි.

ඌ කලිසමක් ඇඳලාද හිටියේ? මට පෙනුනේ නෑ.. ඒත් මගේ කෙල්ලගේ ඇඟේ සුපුරුදු බාච්චුව තිබ්බ එක සැනසිල්ලක්!

" මොකද බූරුවෝ කෑගහන්නෙ? මෙහෙ ඇති ගස් බල්ලෙක් නෑ.. F$ck off ( යනවා යන්න) !!"

ඔහුගේ සිංහල ගැන මට විමතියක් නොවූ මුත් ඔහුට තුරුල් වී හිඳිනා තරුකි ගෝකුල වෙතින් මගේ දෑස් මිදුනේ නැත. ඈ සිටියේ ජම්බු ගෙඩියක පැහැයට හැරුනු ඇගේ කොපුල් නොසොල්වා තදින් ඇගේ දෙතොල් එකිනෙක තෙරපවාගෙනය.

" සර් අපි පොලිසියට කියමු. ආරක්ෂක.."

නේතන් ස්පෙන්සර් තමන් පසුපසින් පැමිණ එසේ කියමින් මට ඔරවන සේවකයෙක් යැයි අනුමාන කළ හැකි ඇඳුමකින් සැරසී උන් මිනිසා කියවන්නට ගිය වැකිය අතක් ඔසවා නතර කළේය. අනතුරුව කුමක් හෝ තරුකිගේ සවනට කෙඳිරුවත් ඈ හිස ගස්සා ඊට බැහැ කියූ බැවින් ඈ දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලා හඬ අවධි කලේය. නමුත් මම ඔහුට ඉස්සර වීමි.

ඔබ දන්නව නම්Where stories live. Discover now