28 - අමතක නොවන මතක ඇති දිනයක්

41 6 0
                                    

සැලකිය යුතුය : සයිබර් අවකාශයේ ලිවීමක් නිසා අද කොටසේ බොහෝ තැන් සුමටව සංශෝධනය කොට ඇති බව ඉවසීමෙන් සඳහන් කරමි. අමනාප නොවුව මැනවි.

#ජේනුක

" ජෙ.. ජෙම්! ඔයා මේ..හ් කොහෙද?"

අඩ අඳුරේ පෙනෙන ඈ පියවරක් පසුපසට තබනවා දකිද්දී මා එතෙක් දුර උසුලාගෙන ආ හැඟුම් කිසිවක් තවදුරටත් මට අවනතව නොගියේය. මම සිටියේ බොහෝ දුරක් කුලී රථයක් නොමැතිව ඇවිද විත් වැස්සෙන් තෙතබරිතව වුවත් මට ඒ කිසිවක් මතකයට ආවේද නැත.

කතාකරන්නට වචන නාස්ති කරන්නට මට වේලාවක් නොවේ!

විමතියෙන් ගල්ගැසී උන් ඇගේ බුහුටි බඳින් මා වෙත ඇදගත් සැනින් තරුකි මගේ දෑත් අතර සිරවූවා පමණි. කවදත් මා අවුළුවාලන ඇගේ දෙතොල් මත පතිත වූ ඒ හාදුව ඈ පුදුම කරන්නට ඇතත් දෙවරක් පමණක් හුස්මක් ඇල්ලූ ඈ පෙරලා මා සිපගත්තේ ඈ මගේ සිරුරට කිටි කිටියේ තදවෙද්දීය.

වන්නාටය..
හෝරා ගණනාවක් පුරා නොව වසර ගණනාවක් පුරා මගේ තරුණ මනසේ උන් පරිකල්පන වල උන් ඈ සමඟ මම සිටියේ අනුරාගයෙන් වෙලෙමිනි. මගේ දෑත් ඇගේ විලියන් නොතකාම ඒ බුහුටි සිරුර පුරා ඇඳී ගියේ උමතුවෙන් මෙනි.

( සයිබර් අවකාශයේ ලිවීමක් නිසා සංශෝධනය කල බව කරුණාවෙන් සලකන්න)

හති හලමින් උන් තරුකිගේ දෙනෙත් මා වෙත එක එල්ලේ යොමුවී තිබුනේ තරුකැට දෙකක් වන් ඒ දෙනෙත් අඳුරේ පවා මා සලිත කරවමිනි. ඈ වෙත නැවත නැඹුරු වන පමාවට තරුකි මා ඉවතට තල්ලු කලාය.

" ආයෙත් මගෙ ඉලඇට කඩන්නද හදන්නෙ මිස්? ඒව නම් ලේසි නෑ අද! මේ කොල්ලා එදා වගේ බලාගෙන ඉන්නෙ නෑ "

අඳුරේ පවා රවනා ඒ ඇස්වල ඇති නෝක්කාඩුව මට නොපෙනෙනවා නොවේ. නමුත් මගේ බැල්ම ඈට දරාගන්නට නොහැකි බව පෙනෙනා සාක්ශි එමටය. ඉතින් දැන් ඈ මාගේය! තනිකරම මාගේය!!

" එපාහ්.. අල්ලන්න එපා මාව"

මගේ ඇහි බැමක් උඩ යන්නට ඇත්තේ දෑසින් කියනා කතාවට හාත්පසින්ම වෙනස් ලෙස පුපුරා හැලෙන ඈ වෙත තවත් පයක් ඉදිරියට තබද්දීය. තවමත් මගේ දෙතොල්වල තැවරී ඇති ඒ පහස රස බලන්නට උඩ පනිනා සිත ඉවසුම් නොදේ.

ඔබ දන්නව නම්Onde histórias criam vida. Descubra agora