#තරුකි
අවසන් ලිපිගොනුවද අමුණා ගැඹුරු හුස්මක් ගමිනින් මම විද්‍යුත් තැපෑලේ 'සෙන්ඩ්' බොත්තම ඔබා , අදාළ විද්‍යුත් ලිපිය සෙමෙන් 'sending' තත්වයේ සිට 'sent' දක්වා වෙනස් වන අයුරු හැඟීමකින් තොරවම බලා සිටියෙමි.
'ඩන්! '
අනතුරුව උකුල් පරිගණකය වසා දමා මේසයේ හිස හොවා ගත්තේ මම මේ දැන් මොහොතකට පෙර කල ඒ හිතුවක්කාරකම උස් රළක් වී ගොඩගලන්නට වනවිට කලයුතු දේවල් පිලිවෙලට සිතන්නට උත්සහ කරමිනි.
මොහොතකට පෙර මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වූ සියළු දේ සූදානම් කොට, ඔවුන්ට මගේ motivation letter එක යැවූයෙමි. එය ඉතා දුරබැහැර විය. මම කල ඒ හිතුවක්කාරකමට, පච්චීගෙන් තොවිලයක් නොතිබුනෝතින් එය ලෝක පුදුමයකි. පෙරදා මෙන් මා වෙනුවෙන් වග උත්තර කියන්නට කෙනෙක් නැත!
ගෝකුල පවුලේ හිතුවක්කාර වැඩ වලින් කප් ගසා සිටියේ මමයි. හිරුක සහ සඳුක පවා මම තරම් පච්චීගෙන් ගුටි කා නැතුවා වන්නට ඇත. නවසීලන්තයේ දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් තහනම් නමුත් ගෝකුල නිවසට එය අදාළ නොවන බව කුඩා කාලයේ පටන් අප දැන සිටියෙමු.
කොහොමත් අහිංසක සූත්තරකාරියක වන අහසි මෙන් නොව මම මගේ නිදහස සහ සතුට පතා පච්චී සමඟ පවා මුහුණට මුහුණ සටන්කොට ඇත්තෙමි. ඒ සියළු සටන් වලදී මගේ රහස් 'සයිඩ් කික්' එක මා වෙනුවෙන් නිහඬ සේවයක් ඉටුකොට ඇත්තේය. ඔහු සැමවිටෙකම අම්මාගේත් පච්චීගේත් 'හොඳ කොල්ලා' බැවින් නඩුවක් වැටෙන්නේ එහෙමත් දවසක පමණි.
ජේනුක මිහිඳුකුලසූරිය.. මට ඔබව කොතරම් මිස් වෙනවාද කියා ඔබගේ ඔය ගල් සිතට වැටහෙන්නේ කවදාද?
මීට මාස කීපයකට පෙර ඒ දිනවල viral වෙමින් පැවතුනු 'Kiss your best friend' කරන්නට ගොස් වූ හුටපටය මගේ සිතට අදටත් එක් කරන්නේ අමුතුම මිශ්‍ර හැඟීම් ගොන්නකි.
ඉතින් මෙය පිළිගත යුතුය... සැමදාම මට ජේනුක දැනුනේ මට අයිති වස්තුවක් කියාය. නැත.. එය කවරදාකවත් සහෝදර හැඟීමක් නොවූ වෙනත්ම හැඟීමකි. අප දෙදෙනාට ඇති තරම් සුන්දර සහ වෙනස්ම මතක ගොන්නක් තිබිණ. අපි දෙදෙනා ඇති තරම් දඟකාරකම් කර ඇත්තෙමු. ජේනුක අඩුවෙන් කතාකරන අයෙක් වුවත් එකිනෙකාගේ විකාර පරිකල්පන ගැන පැය ගණන් කතාකරමින් මෙන්ම නිහඬව බැල්කනියේ දිගාවී අහසේ තරු රටා දෙස බලාසිට ඇත්තෙමු. ඒ සැමවිටෙකම මට දැනුනේ ඔහු ගැන නොවැලැක්වියහැකි ලෝබකමකි. ඒ බැඳීමට දෙන්නට නමක් මම දැන නොසිටියෙමි.
![](https://img.wattpad.com/cover/341255565-288-k937972.jpg)
VOCÊ ESTÁ LENDO
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...