කාලය..
ඒ සමඟ පොරබදනවාට වඩා, ඊට රිස්සක් වන්නට ඉඩහැරීමෙන් යම් යම් දේවල් වලට වඩාත්ම සාමකාමී තීන්දු ලැබෙන්නට පුලුවන. නමුත් එහි සම්භාවිතාවය ඉතා අල්ප විය හැකිය!
වඩාත් ගුප්ත , හිතක් පපුවක් නොමැති වර්ගයේ ව්‍යාපාරිකයෙකු වශයෙන් ජේනුක මිහිඳුකුලසූරිය අයත් වූයේ අනෙක් කොටසටය.
අතීතය විසින් ඇතිකල තුවාල, කාලයත් සමඟ සුව වනවාට වඩා ඒවා මත ගම්මිරිස් තැවරීම කෙතරම් වේදනාකාරී වනවාද?
මීට වසර ගණනාවකට පෙර, තමන් නවසීලන්තයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලංකාවට පැමිණ සිටියදී සිදුවූ සිදුවීමෙන් පසුව ජීවිතය මහා වේගයකින් වෙනස් වී ගියේය.
තරුකි ගෝකුල තමන් සොයා පැමිණියේ ඈ නොමැති පාළුව තදින්ම තමන්ට දැනුන මොහොතකය. තමන්ගේ පෙම්වතිය එසේ පැමිණි විටෙක ඈ එලවාගන්නට සමත් පෙම්වතෙක් සිටී නම් එක්කෝ ඔහුගේ බැඳීම දුර්වල විය යුතුය. එසේත් නැතිනම් ඔහු රෝගියෙකු වන්නට හැකිය.
නැත..
ඒ දෙකම නොවී තමන් පොල් බූරුවෙකු වූයේය. හේතුව අදටත් නොදන්නා නමුත් එදින තමන් සොයා පැමිණි තරුකි , ඉන් දින දෙකකින් තමන් සම්පූර්ණයෙන් විනාශකොට හැර යන්නීය.ඇත්තය..
එතරම් කාලයක් තිස්සේ ඈ සමඟ මොනවා කලත් තමන් නොකල එකම දෙයක් තිබිණ. ඒ ඇගේ වේදනාව නිසාම ඉවසාගත් , නමුත් තමන් එතරම් ලොකුවට නොසිතූ දෙයකි. ඊට වඩා ඈ සමඟ කාලය ගතකරන්නට සියල්ල කැප කරන්නට තරම් සිත බොලඳ වී ගියේය. එබැවින් එදින ඒ සීමාව තමන් ඉක්මවා ගියේය.ඈ සමඟ හෝටල් කාමරයේ ගතකල ඒ අතිශය සුන්දර පැය කීපයෙන් පසුව දොර සීනුව නොනවත්වා නාද වෙන්නට පටන් ගත්තේ තමන් සිතූ පරිද්දෙනි. ඈ මෙහි සිටිනා බව ඇගේ මිතුරිය ටාශාට කියා යැව්වේ ආරක්ෂාව පිණිස බැවින් සිතේ චකිතයක් තිබුනේ නැත. නමුත් පාත් වූයේ හෙනයකි.
දොරටුව අවහිර කරමින් , ගිණි පිටවෙන දෑසින් රශිඳු ගෝකුල , ආලවක යක්ෂයා මෙන් සිටගෙන සිටියේය.
" බ-ල්-ලා!"
ඒ සවිමත් අතින් සිය වම් කම්මුල හරහා වැදුනු වේගවත් අතුල් පහරට තමන් මදක් පසෙකට විසිවී ගියා යන්තමට මතක මුත් වඩාත් මතක සිටියේ අනතුරුව සිදුවූ සිදුවීමයි.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...