දොර විවරකල සැනින් රාසම්මා සිතන්නටත් පෙර නිවසට ඇතුළු වූ රුව ඒ සමඟම ඔහු පසුපසින් දොර වසා දැම්මේය.
රාසම්මාට පසෙකින් තමා දෙස එක එල්ලේ බලාගෙන සිටිනා ඔහු දෙස සධානා පලමුව විමතියෙනුත්, දෙවනුව අභියෝගාත්මක දෙසත් බලා සිටියාය.
කෙවින් බක්මීවැව..
ඔහු සිටියේ තරමක කැළඹීමකින් වුවත් සධානාගේ බැල්ම හමුවේ එය නිවී ගියා සේ තත්පර දෙකක් පමණක් ගතවිය. සිව් නෙත් එකිනෙක හා නිහඬ ගැටුමක් ආරම්භ කොට තිබින." රාසම්මා.. "
නිහඬතාවය බිඳිමින් රාසම්මා ඇමතූ සධානා , කෙවින්ගෙන් දෙනෙත් නොගෙනම කතා කලාය.
"... මගේ කාමරේ තියෙන බෑග් එක අස් කරලා අල්මාරියට දාන්න. මං යන්න හිටපු ගමන කැන්සල් උනා"
නූගත් ගැහැණියක් වුවත් සහජ ඉවෙන් රාසම්මා තමන්ට එතැනින් ඉවත් වන්නට දුන් අණ පිලිපදිමින් එතැනින් ඉවත්ව ගියත් , ඉහළ මාලයට නොයා පියගැට අසළ රැඳුනාය.
' මොන දේ උනත් ඒ නෝනට මොකක් හරි ඇබැද්දියක් වෙලා තමයි ඔය. ඒ හන්දා ඇස් මානෙන් එහෙම යනව නෙවෙයි නරක නපුරු දෙයක් වෙන්ට දෙන්ට එපා'
තමා ඒ ආඩම්බරකාර තරුණියගේ නිවසට සිය ස්වාමියාගේ අණින් පිටත්වන්නට සූදානම් වන අතරතුර , ස්වාමියාගේ හිතේෂිම සේවකයාගෙන් ලැබුනේ අවවාදයකට වඩා අණකි. ඇය එය මෙතෙක් අමතක නොකලාය. මීට පෙර ස්වාමියාගේ නිවසේදී අසන්නට සහ දකින්නට වූ සිදුවීම් අතුරින් නව ස්වාමි දියණියගේ තත්වය ගැන ඈ සිටියේ විස්සෝපයෙනි.
රාසම්මා නොපෙනී යද්දීම සධානා සිය ආසනයෙන් නැඟිට පියවරක් ඉදිරියට තබත්ම කෙවින්ගේ නෙත් ඉබේම ඇගේ වැඩුනු කුස මත නතර විය.
" සධී.. කැනඩා ගිහින් ඉඳල මම ආවෙ ඊ.."
" ඒකට කමක් නෑ කෙවින්.. වාඩිවෙන්න"
ඈ සිය කිසිදු හැඟීමක් නොපෙන්වන මුහුණින් යුතුව කෙවින්ගෙන් දෑස් ඉවත් කොට ඔහුට හිඳගන්නට ආසනයක් පෙන්වූවත් කෙවින් හිඳනොගෙන සිටියේය.
" ජේකේ මට.. කිව්ව.."
" ආ.. ?"
සධානා ඔහුගේ කතාවට වැඩි අවධානයක් නැතුවා සේ වියලි මුලුතැන්ගෙය දෙසට ඇවිද ගොස් ශීතකරණය විවර කොට ඇපල් යුෂ බෝතලයක් පිටතට ගත්තාය.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...