49 - අහම්බෙන් වූ හමුවක් ජීවිතයක් වෙනස් කරනා බව දන්නවාද?

70 3 0
                                    

නොනවත්වා නාදවන දුරකතනයත් , කුමක් හෝ දෙසකින් ඇසෙනා දොර සීනුවක ශබ්දයත් නිසා එතෙක් සිටි ගැඹුරු නින්ද කැඩී ජේනුක දෑස් හකුලවමින් ඒවා විවර කරන්නට උත්සහ කරද්දී, ඒ නාදවන්නේ තමාගේ දුරකතනය බවත් , දොර සීනුව තමා සිටිනා තැන බවත් දැනීමෙන් තිගැස්සී සිහියට පත්වන්නේය.

' Fu€k! '

ඔහුට තරු පෙනී සිටි තැනම ඉන්ද වී මදින් මද ගිලිහුනු සිහිය ලබාගන්නට වටපිට බැලුවේය.

ඔව්! තමන් සිටින්නේ නිරුවතිනි.

ඒවාගේම තමන් තවමත් සිටින්නේ හෝටල් කාමරයේ සයනය මැද්දේය. එකවරම ආ සිතුවිල්ලට ඔහු සයනයේ වම්පස බැලුවද එය හිස් වී තිබින.

' තරූ!'

නමුත් පෙනෙන මානයක ඈ නොවීය. ඇගේ සළකුණකුදු නොවීය. තමා අසළ සයනයේ බිම ඔහුගේ ඇඳුම් වැටී තිබෙනවා දැක ජේනුක හිස දෙපසට ගස්සමින් නැඟී සිටියේය. කුමක් හෝ අමුතු වේදනාවකින් තමන්ගේ ඇතුලාන්තය මිරිකී ඇති බව ඔහුට තව තවත් දැනෙන්නට විය.

නමුත් නාදවන දුරකතනය ඔහුට පසෙකින් සයනය මත නොනවත්වා මොරදෙමින් සිටි අතර මුහුණතේ දිස්වූයේ කෙවින්ගේ නමයි. දොර සීනුවත් නාදවන නිසා ඔහු මදක් කල්පනා කර , දුරකතනය අතට ගෙන වහා නාන කාමරයට ගොස් සුදුපාට තුවායක් ඇඟ දවටා ගනිමින් එයට පිලිතුරු සැපයූවේය.

" හෙලෝ.?"

"හෙලෝ නෙවෙයි ඇරපං යකෝ දොර!!"

කෙවින් ගුගුරා හැලුනේ පිටතින් ඇසෙන දොර සීනුවේ තාරතාවය පවා යටපත් කරමිනි. තුවාය තදින් අල්ලා ගනිමින් ජේනුක නානකාමරය සිසාරා බැල්මක් හෙලුවේය.

තරුකි එහිද නොවීය! තමා දුටුවේ සිහිනයක්ද?

ආපසු හැරුනු ඔහු සිය කාමරය මැදින් එන අතරතුර දකින්නේ බිම වැටී බිඳී ගිය මේස ලාම්පුවක් සහ මල් පෝච්චියකි. එය බිඳී ගිය ශබ්දය ඔහුගේ දෙසවන් තුල නැවතත් වාදනය වෙද්දී ඔහුගේ හිස අඬුවකින් තද කරන්නාක් මෙන් රිදුම් දෙනු දැනුනි. දොර සීනුව නොනවත්වා නාද වන නිසා දුරකතනය පසෙක තබා ඔහු දොර අඟුල විවර කලේ තරමක කැළඹීමෙනි.

".. මොන හු$තක්ද තෝ කරන්නෙ?  මැරිලද හිටියෙ උඹ? "

දොර විවර කල සැනින් කාමරයට කඩා වැදෙන්නට මෙන් උන් කෙවින් ජේනුකගේ මුහුණ දෙස එක එල්ලේ බැලුවත් ජේනුක බිම බලාගත්තේය. ජේනුකට දැනුනේ ඔහුගේ උගුර පිලිස්සී ඇති බවකි. පිලිතුරක් නොදී තමා දෙස බලා සිටිනා ජේනුකගේ මුහුණ මතින් බැල්ම ඉවත්කරගත් කෙවින්ගේ නෙත් ඔහුගේ තුවාය දැවටුනු සිරුර මත වැටෙන්නේ අනතුරුවය.

ඔබ දන්නව නම්Where stories live. Discover now