#තරුකි
වේගයෙන් නිවස තුලට ඇතුල් වූ මම සාලයේ ඒ වනවිට සිටි අමුත්තන් පවා ගණනකට නොගෙන වේගයෙන් පහළ මාලයේ මගේ කාමරයට වැදී දොර වසාගත්තේ, ඇඳ සිටි ඇඳුමෙන්ම සයනයේ උඩුකුරුව පෙරලෙමිනි. මෙතරම් විඳවිල්ලක් ?
මම නැවතත් මගේ දුරකතනය අතටගෙන දෑස් පිසිමින් සාරා ගුප්තාගේ Instagram ගිණුමට ගොස් ඈ මීට පැය දෙකකට පෙර යාවත්කාලීන කරන ලද පින්තූරය දෙස බැලුවෙමි.
ගං ඉවුරේ ගත් සමීප ජායාරූපයක් වූ එහි සිටි ඔහුගේ මුහුණ නොපෙනුනද ජේනුක මිහිඳුකුලසූරිය මට හොඳින් හඳුනාගත හැකිය.
' Another day that passes is , another day to see you again - S&J'
දුරකතනය ඔසවා පොලවේ ගසන්නට සිතුනද තවදුරටත් බොළඳ වීමෙන් කිසිදින මේ වේදනා සයුරෙන් එතෙරවීමට නොහැකි බව කෙමෙන් කෙමෙන් මම වටහාගනිමින් සිටියෙමි. නමුත් සාරා ගුප්තා වරින්වර පැමිණ මගේ හදවතේ සංවේදීම තැනට පිහියෙන් අනින්නීය.
' හේ රුකී.. ඔයාට තේරෙනවනේ ඔය ගෑනි ඔයාව අවුස්සන්න කරන ඒවා කියලා.. ඒකි උඹෙන් JK ව ගත්ත එකත් ඒකෙම කොටසක්. '
මගේ එක් මිතුරියක් එලෙස පැවසුවේ මීට පෙර වතාවක සිදුවූ සිදුවීමකට පසුවය. වඩාත් දරුණු වන්නේ ඇගේ ඒ මාන්නක්කාර හැසිරීම නොවේ, ජේනුක මිහිඳුකුලසූරියගේ හදිසි පරිවර්තනයයි.
ඇත්තය.. උපන්දිනය දා සිදුවීමෙන් පසුව ජේනුකත් මාත් අතර ඉතා වේගයෙන් සහ තදින් වර්ධනය වූ කායික ආකර්ෂණයක් ඇතිවී තිබින. මම තදින්ම විශ්වාස කලා ඔහු මගේ ආත්මීය බැඳීමක් ලෙස! ඔහුගේ ස්පර්ශයෙන්ම අවසිහියට පත්වන තරමට මම සිටියේ වශීකෘතවය.
ලැබුනු හැම ඉසිඹුවකදීම අප දෙදෙනා හෙටක් නැත්තාක් මෙන් සිපගත්තෙමු. ඔහු මා සිපගන්නාවිට මුළු ලෝකයම මා වටා නවතින්නා සේත් මගේ ආත්මයම ඔහු වෙනුවෙන් සත්ප්රසාද නඟන්නා සේත් දැනෙන තරමටම එය ආත්මීය බවක් උසුලන්නේය. එබැවින් හුදෙක් කායික ආකර්ෂණයකින් ලඝුකල හැකිද?
ඔව්! ජේනුක ගැන කෙසේ වෙතත් මම ඔහුට ආදරය කලෙමි. එය තරුණියකගේ හදවතේ ප්රථම වරට පිළිසිඳගත් ප්රේමයක්ම විය. එතෙක් වසර ගණනාවක් මගේ හොඳම මිතුරාව සිටි ඔහු මගේ ආත්මීය පෙම්වතා ලෙසට ඔහු ලොකු පිම්මක් පැන තිබිණ.
YOU ARE READING
ඔබ දන්නව නම්
Romance⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...