#තරුකි
නේතන් ස්පෙන්සර් 'ඩේට්' කරනවා කී සැනින් එකවරම ස්විචයක් නිවා දැමුවා සේ සිටි ජේනුක ; දරුණු බිලාලයෙක් මෙන් මගේ ගෙලෙන් අල්ලා මිරිකා ගත්තේ අසුරු සැනෙකිනි.
" මොකක්ද කිව්වෙ? ආ?? "
" කිව්වෙ ඉතින් ඇහුන එක! මම ඔයාගෙ සෙක්ස් ටෝයි එකක් කියලා හිතුවද ඕන ඕන වෙලාවට .. ඕන ඕන දේවල් කර.."
මගේ වැකිය නිම වන්නට පෙර ඔහු මගේ කට තදකොට මිරිකා අල්ලා ගත්තේ මා පුදුම කරවමිනි. දෝතින්ම මට ඔහුගේ අත අල්ලා ගැනුන නමුත් ඒ යකඩ අත මට වඩා ශක්තිමත් විය.
" තරූ!! මැරුම් කන්න එපා මගෙන්.. කට තිබ්බ පලියට.. ශිහ්!"
වැකියේ අගට ඔහු මා අතහැර දැම්මේය.
මේ වලිය නිසා ඔහුගේ උදරයේ තුවාලය පෑරෙන්න ඇත. වේදනාවෙන් සිය උදරයේ තුවාලය ඇති පැත්තට අත තැබූ ජේනුක වේදනාව දරාගෙන දෑස පියා ගනිද්දී මම ඔහු වෙතම බලා උනෙමි.
එතරම් කෝපයකින් ජේනුක මිහිඳුකුලසූරිය මම මීට පෙර දැක තිබුනේ නැත. මගේ ජීවිතයේ බොහෝ තැන් වලදී ඉවසීමෙන් සහ බුද්ධියෙන් වැඩ කරනා , මම කරනා මෝඩකම් වලට ටොක්කක් ඇන හෝ කනෙන් ඇද 'ආයෙ එහෙම කරන්නෙ නෑ මෝඩි' කියා තර්ජනය කොට නැවතත් මා සනසවනා ජේනුක මිහිඳුකුලසූරිය තවදුරටත් මා සමඟ සිටියේ නැත. ඒ වෙනුවට ඉක්මනින් කෝප ගන්නා මෙන්ම සමහර දේවල් වලදී අසංවේදී මම නාඳුනන තරුණයෙක් බවට ඔහු පරිවර්තනය වී තිබේ.
නමුත් හදවත යනු සැබෑම උමතු මායාකාරී දෙයකි. පිලිගතයුතු කරුණු දහසකුත් ඉදිරියේ පවා හිතුවක්කාර ලෙස හැසිරෙන්නේය.
' ... ඌට රට වටේම කෙල්ලො.. ඔයා දන්නවනෙ සාරා මිල්වෝකර්.. නොදන්නව වෙන්න බෑ ඔයාලා එක ඉස්කෝලේනෙ. අනික ඌ ක්රිකට් ටීම් එකේ ඉන්න කාලෙත් ඩේට් කරපු කෙල්ලො හැටහුටහමාරක් ඉන්නව. ඔයා ඔය මැරෙන්න හැදුවට.. You know what he wants from you ( ඔයා දන්නවනෙ එයාට ඔයාගෙන් මොනවද ඕන කියලා )? '
පෙරදින නේතන්ගේ වචන වලින් මම තුවාල වූවත් එය නොපෙන්නා ඉන්නට තරම් මම ශක්තිමත් වී සිටියෙමි.
'... උගේ තාත්ත වගේම තමයි ඌ. අනුන්ගෙ ගෑණු පස්සෙ වැටිලා කරන තරම් කැ$ වැඩ කරනවා..
( සෝපහාස ලෙස සිනාසෙමින්)
දන්නව ඇතිනෙ ඔයාගේ අම්මගෙ first marriage ( පළමු විවාහය) කෙලවර උනේ කොහොමද කියලා.. ? ඒකෙ මිනීමරුවාගෙ පුතා තමයි ඔය ජේනුකයා.. ඌ ඔයාටත් කරන්නෙ උගේ තාත්තා ඔයාගෙ අම්මට කරපු දේම තමයි.. '
CZYTASZ
ඔබ දන්නව නම්
Romans⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟 එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්රාර්ථනාවක් කරනවා. ඒක හදවතින්ම එන පැතුමක්.. 💜 චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්ක...